අප කවුරුත් දන්නා පරිදි, මහවැලි සංවර්ධන වැඩසටහන බොහෝ දුරට කැපී පෙනෙන සාර්ථකත්වයක් අත්කර ගත්තේය. 1960 දශකයේදී සංකල්පනය කරන ලද එහි පළමු ව්‍යාපෘතිය වන පොල්ගොල්ල වේල්ල සිරිමාවෝ බණ්ඩාරනායක විසින් ආරම්භ කරනු ලැබුවේ 1970 දශකයේ මුල් භාගයේදී ය. ඉන් අනතුරුව ජේ.ආර්. ජයවර්ධන විසින් කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන සමගින් ව්‍යාපෘතිය ඉහළ නැංවූ අතර, එමගින් 1970 දශකයේ අග භාගයේ සිට 1980 දශකයේ මැද භාගය දක්වා බහුකාර්ය ජලාශ ව්‍යාපෘති කිහිපයක සංවර්ධන කටයුතු සිදු විය. සමස්තයක් වශයෙන් ගත් කල, මෙම ව්‍යාපෘති මගින් ශ්‍රී ලංකාවේ වාරිමාර්ග ගොවිබිම් ප්‍රමාණය අක්කර 250,000 කින් පමණ වැඩි කරන ලදී. ඒවා හරහා වාර්ෂිකව පුනර්ජනනීය බලශක්ති ටෙරාවොට් පැය 2.5 ක් ජනනය කරන අතර, එහි වටිනාකම රුපියල් බිලියන 50 ක් පමණ වෙයි. මහවැලි සංවර්ධන වැඩසටහන ලෝකයේ වඩාත්ම දූරදර්ශී දේශගුණික ඔරොත්තු දීමේ සංවර්ධන වැඩසටහන් අතර වෙයි.
2025 අවසාන දිනයෙන් ඔබ්බට මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ අරමුදල් කවුළුව දීර්ඝ කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට බලය තිබුණත්, එය සිදුවන්නේ රජයේ ඉහළම මට්ටම බලවත් ඉල්ලීමක් කළහොත් පමණකි. මෙම දිගුවට ඉඩ දීමට නම්, මෙවැනි ව්‍යාපෘති සඳහා වසර 10 ක සීමාවක් පිළිබඳ තමන්ගේම නීති බිඳ දැමීමට ආසියානු සංවර්ධන බැංකුවට සිදුවනු ඇත. ව්‍යාපෘතිය දීර්ඝ කිරීම සඳහා බාහිර සම්පත් දෙපාර්තමේන්තුව විධිමත් ඉල්ලීමක් කර ඇතත්, එය නෛතිකව ප්‍රතික්ෂේප කර ඇත. ඉහළ මට්ටමේ ඉල්ලීමක් කිරීමෙන් පසු, මොංගෝලියාවේ ව්‍යාපෘතියක් සඳහා වසර 10 ක සීමාව ඉක්මවා දීර්ඝ කිරීමක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය පියවර ගෙන ඇත.
මහවැලි සංවර්ධන වැඩසටහනේ නවතම අදියර වන්නේ මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනයි (Mahaweli Water Security Investment Program – MWSIP) මෙම අභිලාෂකාමී මුලපිරීම මඟින් අතිරික්ත මහවැලි ජලය ජලාශ, ඇළ මාර්ග සහ උමං මාර්ග පද්ධතියක් හරහා, දිවයිනේ ජල හිඟයෙන් පෙළෙන උතුරු මැද පළාතට, වයඹ පළාතට සහ අවසානයේ උතුරට හරවා යැවීමට උත්සාහ කරන අතර, එම ජලය උතුරු පළාතේ චෙමඩු කුලම් ජලාශය දක්වා ළඟා වේ. මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන හරහා වියළි පළාත්වල වාරිමාර්ග සහ නළ ජල අවශ්‍යතා සපුරාලීම අරමුණු කරන අතර, ඉන් මිලියන දෙකක ජනතාවට ප්‍රතිලාභ ලබා දෙමින්, වාරිමාර්ග සහිත ගොවිබිම් ප්‍රමාණය තවත් අක්කර 250,000 කින් වැඩි කරයි. එය ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදු කරන ලද වඩාත්ම අභිලාෂකාමී ජල සම්පත් කළමනාකරණ වැඩසටහන යැයි කිව හැකිය. එහෙත් දැන් මෙම ව්‍යාපෘතිය ගැටලුවකට මුහුණ පා ඇත.
2015 දී මුලින් ආරම්භ කරන විට, මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන සඳහා ඩොලර් මිලියන 675 ක් වැය වනු ඇතැයි ඇස්තමේන්තු කර තිබුණි. ආසියානු සංවර්ධන බැංකුව වැඩිම කොටස වන ඩොලර් මිලියන 453 ක් ණයට දුන් අතර, රජය ඩොලර් මිලියන 108 ක දායකත්වයක් ලබා දීමට පොරොන්දු විය. සමස්ත පිරිවැයේ ඩොලර් මිලියන 114 ක පරතරයක් පැවතුනද, යහපාලන ආණ්ඩුව පැවැති දිනවල, මෙය ආවරණය කිරීම සඳහා සම-මූල්‍යකරණය ලබා ගත හැකි බවට රජය විශ්වාස කළේය. වාසනාවකට මෙන්, සම-මූල්‍යකරණය කිසි විටෙකත් ක්‍රියාත්මක නොවීය. එහෙත් ඒ වන විටත් ව්‍යාපෘතිය ආරම්භ වී තිබුණි.
ඇළ මාර්ග සහ අනෙකුත් ව්‍යුහයන්ගේ සැලසුම්වල වෙනස්කම්, ඉදිකිරීම්වලින් පීඩාවට පත් වූ ජනතාවට ගෙවන වන්දි මුදල් අපේක්ෂිත පිරිවැයට වඩා වැඩි වීම සහ ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදය හේතුවෙන් පිරිවැය සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, කාලය ගෙවී යත්ම අරමුදල් පරතරය තවත් පුළුල් විය. ආසියානු සංවර්ධන බැංකුව විසින් එහි තුන්වැනි සහ අවසාන වාරිකය වන ඩොලර් මිලියන 93 නිකුත් කරනු ලැබුවේ 2024 සැප්තැම්බර් මාසයේදී ය. එහෙත් පවතින සියලුම අරමුදල් 2025 ජුනි මාසය වන විට සම්පූර්ණයෙන්ම භාවිත කළත්, ආසියානු සංවර්ධන බැංකුවේ ණය කාලය අවසන් වන විට, මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ විෂය ෆථයෙන් සම්පූර්ණ වනු ඇත්තේ සියයට 27 ක් පමණකි. 2015 දී අපේක්ෂා කළ පරිදි, කාර්යය සම්පූර්ණ කිරීම සඳහා ඩොලර් මිලියන 870 ක පමණ විශාල අරමුදල් පරතරයක් පවතිනු ඇතැයි පැවැසේ.
රජය දැන්ම, කඩිනම්ව සහ තීරණාත්මකව ක්‍රියා නොකරන්නේ නම්, දැනටමත් වියදම් කර ඇති ඩොලර් මිලියන 563 ක මුදල නාස්ති වීමේ අවදානමක් ඇති අතර, මෙය රාජපක්ෂ යුගයේ සිදුකළ ව්‍යාපෘති වන නෙළුම් කුලුන, මාතර-මත්තල අධිවේගී මාර්ගය, හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුෙපාළ වැනි ව්‍යාපෘතිවලට සමානව, ජාතික ජන බලවේගය ආණ්ඩුවේ පළමු සුදු අලියා බවට පත්වනු ඇත.
කෙසේ වෙතත්, රජය වේගයෙන් ක්‍රියාත්මක වුවහොත්, මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනට නැවත නැඟිටීමට සහ රටේ ග්‍රාමීය කෘෂිකාර්මික භූ දර්ශනය පරිවර්තනය කිරීමට හැකියාව ඇති අතර, එය ජාතික ජන බලවේගය ආණ්ඩුවට විශාල කීර්තියක් අත්පත් කරදෙනු ඇත.
මෙම වැඩසටහනට කොටස් තුනක් ඇතුළත් වේ. පළමුවැන්න කිලෝමීටර් 74 ක් දිග මිණිපේ වම් ඉවුර ඇළ ප්‍රතිසංස්කරණය කිරීම, සොරොව් සහ ගේට්ටු වැඩිදියුණු කිරීම සහ මිණිපේ සහ සිරිපුර කලාපය අතර පවතින ඇළේ පැති අඩි 10 කින් පමණ ඉහළ නැංවීමයි. මෙම කොටස සම්පූර්ණ කර ඇති අතර, ඒ හරහා අක්කර 18,000 ක් පමණ වගා කරන ගොවි පවුල් 15,500 කට තුන්වැනි වගා කන්නය සඳහා ජලය සපයයි.
බහු උමං මාර්ග සහ සුහුරු ගොවිපොළවල තිරසාර කෘෂිකර්මාන්තයට පහසුකම් සැලසීමේ යෝජනා ක්‍රමයක් ද බොහෝ දුරට සම්පූර්ණ වී ඇති අතර, එමඟින් ජලජීවී වගාව, කුකුළු මස් සහ කිරි නිෂ්පාදනවලට අමතරව මිරිස්, ලුණු සහ බඩ ඉරිඟු ගොවිපොළ ඵලදායිතාව වැඩිවෙමින් ඇත.
වැදගත් කමෙන් අඩුම ගැටලුවද මෙය වුවත්, වැඩසටහන ගැටලු සහගත වන්නේ එතැන් සිටය. මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ දෙවැනි කොටස වන්නේ කිලෝමීටර් 89 ක් දිග වයඹ පළාත් ඇළ මාර්ගයයි. එය කිලෝමීටර් 78 ක් දිග ඇළ මාර්ග කොටස් සහ කිලෝමීටර් 11 ක් පමණ දිග උමං මාර්ග සහ නව ජලාශ දෙකකින් සමන්විත වෙයි. මෙම ඇළ මාර්ගය හරහා බෝවතැන්න සිට වයඹ පළාත් දක්වා අතිරික්ත මහවැලි ජලය රැගෙන යාමට අදහස් කෙරෙන අතර, කනගාටුදායක කාරණය වන්නේ, 2025 ජුනි මාසයේදී මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන අවසන් වන විට පවතින වෑමැඩිල්ල වැවෙන් පිටතට යන ඇළේ කිලෝමීටර් 23 ක කොටසක් පමණක් සම්පූර්ණ වීමයි. එය වයඹ පළාත් ඇළ හා සම්බන්ධ මුළු වැඩ විෂය පථයෙන් සියයට 13 ක් පමණකි.
බෝවතැන්න සිට වෑමැඩිල්ල දක්වා උමඟ හෝ ඉතිරි ඇළ මාර්ග කොටස් හෝ නව ගබඩා ජලාශ සම්පූර්ණ නොවන නිසා, ගලේවල වයඹ දෙසින් අනෙක් කෙළවරේ ඉලක්කගත ප්‍රතිලාභීන්ට ජලය ලබා දීමට නොහැකි වනු ඇත. මේ හරහා අක්කර 1 ක පමණ ඉඩමක් වගා කරන ගොවීන් 40,000 ක් පාවා දී ඇත. ගෘහස්ථ ජල සැපයුම් සම්බන්ධතාවලින් ප්‍රතිලාභ ලබා ගැනීමට බලාපොරොත්තු වන අතිරේක පවුල් 35,000 ක තත්වයද එසේමය. සාක්ෂාත් කරගෙන ඇත්තේ “කිසිම තැනකට නොයන ඇළක්” පමණකි. වයඹ ඇළ මාර්ගයේ ඉතිරි කොටස සම්පූර්ණ කළ නොහැකි නම්, දැනටමත් වියදම් කර ඇති ඩොලර් මිලියන 15 ක මුදල වතුරේ ගසාගෙන යනු ඇත. මේ වන විටත් එය කිරීමට අපහසු බවක් පෙනෙන්නට ඇත.
මෙම අවාසනාවන්ත වැඩසටහනේ තුන්වැනි කොටස වන්නේ කිලෝමීටර් 67 ක ඇළ මාර්ග කොටස් සහ කිලෝමීටර් 29 ක උමං මාර්ගවලින් සමන්විත කිලෝමීටර් 96 ක් දිගැති ජල මාර්ගයක් වන උතුරු මැද පළාත් ඇළ මාර්ගයයි. දැනට පවතින ලග්ගල කළු ගඟ ජලාශය මොරගහකන්දට සම්බන්ධ කරන කිලෝමීටර් 9 ක ඇළ මාර්ගයක් ඉදිකිරීම ද ඊට ඇතුළත් ය. 2025 ජුනි මාසයේදී ව්‍යාපෘතිය අවසන් වන විට උතුරුමැද පළාත් ඇළ පද්ධතියේ අවසන් කරන ලද එකම කොටස මෙය වනු ඇත. ඒ වන විට උතුරුමැද පළාත් ඇළ පද්ධතියේ ඉතිරි කොටස ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස, මොරගහකන්ද සිට උතුරු මැද පළාතට වාර්ෂිකව හරවා යැවීමට අදහස් කරන ලද ඝන මීටර් මිලියන 190 ක ජලය යැවීමට තැනක් නොමැති වනු ඇත. මේ නිසා තම වගාබිම්වලට ජලය සැපයීමට ජලය බලාපොරොත්තුවෙන් සිටින ගොවීන් 25,000 ක් සහ නළ ජල සම්බන්ධතා අපේක්ෂා කරන නිවාස 150,000 ක් පමණ ජලය නොමැතිව වියළී යනු ඇත.
ඊටත් වඩා නරක දෙය වන්නේ, මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන 2025 ජුනි මාසයේදී අවසන් වන්නේ හබරණ යටින් දිවෙන දැවැන්ත, අඩක් නිම කරන ලද, කිලෝමීටර 28 ක් දිග, මීටර් 8 ක විෂ්කම්භයකින් යුත් උමගකින් සමගින් වීමයි. මෙම උමගෙහි එක් කෙළවරක් මොරගහකන්ද සහ මහකඳරාව වෙත සම්බන්ධ කරන කිලෝමීටර 67 ක ඇළ කොටස් තවමත් ආරම්භ කර නොමැත. එහි ප්‍රතිඵලයක් ලෙස, JICA අරමුදල්වලින් රුපියල් මිලියන ගණනක් වැයකොට ඉදිකළ මහකඳරාව ජල පවිත්‍රාගාරය ක්‍රියාත්මක කළ නොහැක. එහි ගොවීන් උතුරු මැද පළාත් ඇළෙන් අමතර ජලය ලබා ගන්නා තෙක් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සමඟ තම ජලය බෙදා ගැනීමට කැමති නැත. සැලසුම් කළ පරිදි ඇළ මාර්ගය සම්පූර්ණ නොකළහොත්, කිලෝමීටර 28 ක් දිග “යාමට කිසිදු තැනක් නැති” උමග, ජාතික ජන බලවේගය ආණ්ඩුවට සුදු අලියකු වනු ඇත.
ඇත්ත වශයෙන්ම, ජාතික ජන බලවේගය ආණ්ඩුවට මෙම අවුල උරුම වූයේ රටේ කලින් පැවැති ආණ්ඩුවලිනි. ගැටලුව ආරම්භ වූයේ මෛත්‍රීපාල සිරිසේන, සිය ජනාධිපති ධුර කාලය තුළ මහවැලි භාර අමාත්‍යවරයා ලෙස තීරණාත්මක කොන්ත්‍රාත්තු අනුමත කිරීම ප්‍රමාද කිරීමෙනි. ඔහුගේ නොසැලකිලිමත්කම හේතුවෙන් ක්‍රියාත්මක කිරීමේ කාලසටහන වසර කිහිපයකින් ප්‍රමාද විය. ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වූ විට, 2024 දී ඔහුගේ ධුර කාලය අවසන් වන විට මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන සම්පූර්ණ කරන බව ඔහු අවධාරණය කළේය. මේ සඳහා දෙවැනි උමං කැණීමේ යන්ත්‍රයක් අවශ්‍ය වූ අතර, එමඟින් දෙපසින්ම කැණීම් කිරීමට හැකි විය. ඒ සඳහා වැයවූ පිරිවැය...? එය කලින් සැළසුමට ඇතුළත් කර නොතිබූ ඩොලර් මිලියන 50 ක විශාල මුදලක් විය. ඉන්පසු 2020-21 කාලයේදී පැමිණි කොවිඩ්-19 වසංගතය විසින් තවත් ප්‍රමාදයක් ඇති කළ අතර, 2022 දී මහ බැංකුව බංකොලොත් බව ප්‍රකාශ කිරීමෙන් පසු උද්ධමනය මත පදනම් වූ මිල ඉහළ යාමක් සිදුවිය.
ඉන්පසුව, රනිල් වික්‍රමසිංහ බලයට පත්වූ අතර, ගෝඨාගේ විනාශකාරී පොහොර තහනම ආපසු හැරවීමට උත්සාහ කළ ඔහු, 2022/23 මහ කන්නය සඳහා මියුරියේට් ඔෆ් පොටෑෂ් (MOP) පොහොර මිලදී ගැනීම සඳහා මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ අයවැයෙන් තවත් ඩොලර් මිලියන 50 ක මුදලක් “ණයට” ගත්තේය. ඉන්පසු, ඔහුගේ රජය ගොවීන්ගේ MOP ගැටලුව අවුල් කළ අතර, අස්වැන්න අසාර්ථක විය. භාවිතයට නොගත් MOP ටොන් 40,000 කට වඩා ගබඩාවල තබා ගනිමින්, ඩොලර් මිලියන 300 ක සහල් ආනයනය කිරීමට රජයට සිදුවිය.
ඉතින්, මෙම පරිවර්තනීය ඩොලර් මිලියන 563 ක ව්‍යාපෘතිය නාස්ති කර දමනු ලැබුවේ, අතිශය අකාර්යක්ෂම ජනාධිපතිවරුන් තිදෙනකු වන මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන තිදෙනා විසිනි. දැන් එය බේරා ගත හැක්කේ තවත් ඩොලර් මිලියන 870 ක් ආයෝජනය කිරීමෙන් පමණි.
නරකම ආරංචිය නම් ආසියානු සංවර්ධන බැංකුවේ වසර 10 ක අරමුදල් කවුළුව වේගයෙන් අවසන් වෙමින් පැවැතීමයි. 2025 ජුනි මාසයෙන් පසුව මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන සඳහා ආසියානු සංවර්ධන අරමුදල් ලබා ගත නොහැකි වනු ඇත. එම අවස්ථාවේදී, වැඩසටහන ඇණහිටින අතර, උතුරුමැද පළාත් ඇළ සහ වයඹ පළාත් ඇළ අර්ධ වශයෙන් සම්පූර්ණ කොට භාවිතයට ගත නොහැකි වනු ඇත.., ඒවා “කොට උඩ” යනු ඇත.
වයඹ පළාත් ඇළ මාර්ගයට තවත් ඩොලර් මිලියන 370 ක මුදලක් අවශ්‍ය වන අතර, උතුරු මැද පළාත් ඇළ මාර්ගයේ ඉතිරි වැඩ නිම කිරීමට ඩොලර් මිලියන 500 ක් අවශ්‍ය වේ. රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් ගනුදෙනුව සැලකිල්ලට ගත් විට, ඉදිරි කාලය තුළ මෙම සම්පූර්ණ මුදල ණයට ගැනීමට අපට අවසර නොලැබෙනු ඇත. කනගාටුවට කාරණය වන්නේ වයඹ ව්‍යාපෘතිය පවතින තැනින් අතහැර දැමීම හැර වෙනත් විකල්පයක් අපට නොමැති වීමයි.
එහෙත් උතුරු මැද පළාත් ව්‍යාපෘතිය බේරා ගත හැකිය. ඒ සඳහා අවශ්‍ය කරන ඩොලර් මිලියන 500 ක පැකේජය 2026 දී ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් සම-මූල්‍ය ආයතනවලින් ලැබෙනු ඇත. මේ අතර, හබරණ යටින් කිලෝමීටර් 28 ක උමග කැණීම දිගටම කරගෙන යන යෝධ කම්මල් යන්ත්‍ර දෙක සඳහා වන බිල්පත ගෙවීමට රජයට සිදුවනු ඇත. වියදම මසකට රුපියල් මිලියන 600 ක් වන අතර, ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදල් සිඳී ගිය පසු, රජයේ හිඟ විදේශ විනිමය සංචිතවලින් ලබාදිය යුතුය. මෙතෙක් සිදු කරන ලද වැඩ සඳහා ගෙවිය යුතු ගෙවීම් පියවීමට රජය අපොහොසත් වුවහොත්, ඩොලර් මිලියන 50 ත් 70 ත් අතර ඈවර කළ හානි සඳහා නඩු පැවරීමට හොඳ අවස්ථාවක් කොන්ත්‍රාත්කරුට ලැබේ. එබැවින්, 2026 දී, අලුතින් ඩොලර් මිලියන 500 ක මුදලක් ලැබෙන තෙක් මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන දීර්ඝ කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව පොළඹවා ගැනීමට රජය කටයුතු නොකළහොත්, එය විශාල අවුලකට පත්විය හැකිය.
2025 අවසාන දිනයෙන් ඔබ්බට මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහනේ අරමුදල් කවුළුව දීර්ඝ කිරීමට ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට බලය තිබුණත්, එය සිදුවන්නේ රජයේ ඉහළම මට්ටම බලවත් ඉල්ලීමක් කළහොත් පමණකි. මෙම දිගුවට ඉඩ දීමට නම්, මෙවැනි ව්‍යාපෘති සඳහා වසර 10 ක සීමාවක් පිළිබඳ තමන්ගේම නීති බිඳ දැමීමට ආසියානු සංවර්ධන බැංකුවට සිදුවනු ඇත. ව්‍යාපෘතිය දීර්ඝ කිරීම සඳහා බාහිර සම්පත් දෙපාර්තමේන්තුව විධිමත් ඉල්ලීමක් කර ඇතත්, එය නෛතිකව ප්‍රතික්ෂේප කර ඇත. ඉහළ මට්ටමේ ඉල්ලීමක් කිරීමෙන් පසු, මොංගෝලියාවේ ව්‍යාපෘතියක් සඳහා වසර 10 ක සීමාව ඉක්මවා දීර්ඝ කිරීමක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය පියවර ගෙන ඇත.
මම මෙම ලිපිය ලියන්නේ, එය කියවන කෙනෙකුට, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා සමඟ හදිසි හමුවීමක් පවත්වා, මැනිලා නුවර වෙත ඉහළ පෙළේ දූත පිරිසක් පිටත් කර හරින ලෙස ජනාධිපති දිසානායකගෙන් හෝ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්තගෙන් ඉල්ලා සිටීමට හැකි වනු ඇතැයි යන බලාපොරොත්තුවෙනි. නිතිපතා ලිපි ලිවීමෙන් මෙය සාක්ෂාත් කරගැනීමට බාහිර සම්පත් දෙපාර්තමේන්තුවට හැකියාවක් නැත. 2026 දී ඩොලර් මිලියන 500 ක නව පහසුකම පැමිණෙන තෙක්, මෙම ව්‍යාපෘතියට වසරක දිගුවක් ලබා ගැනීමට අපට අවස්ථාවක් ලැබෙනු ඇති අතර, එවිට සිදුවෙමින් පවතින දැවැන්ත විනාශය වළක්වා ගත හැකිය.
මහවැලි ටයිටැනික් නෞකාව කෙලින්ම අයිස් කුට්ටිය දිශාවට යාත්‍රා කරමින් සිටින අතර, තවත් දින කිහිපයකින් එය ගැටීමට නියමිතය. කාලය ඉතා කෙටිය. මේ සම්බන්ධයෙන් අනතුරු ඇඟවූයේ නැතැයි රජය පවසනු දැකීමට මම කැමති නැත. මෙය වහාම ක්‍රියාත්මක නොවන්නේ නම්, මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන ජාතික ජන බලවේගය රජයේ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බවට පත්වීමට නියමිතය.
“ඩේලිඑෆ්ටී” පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ
අනිල් කරුණාරත්න
ජනපතිවරයාගේ පළමු ආසාර්ථකවීම මහවැලි ජාල සුරක්ෂිතතා ව්‍යාපෘතියද?