ශ්‍රී ලංකා මහ බැංකුවේහි පාලක මණ්ඩලයේ සාමාජිකයකු ලෙස ජනාධිපති නීතිඥ මෛත්‍රී එවන් වික්‍රමසිංහ මහතා පත් කර ඇතැයි මහ බැංකුව පවසයි. ඔක්තෝබර් 02 වැනිදා සිට බලාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් මෙම නව පත් කිරිම සිදු කර තිබේ. මෙතෙක් එහි සාමාජිකයකු වූ රජීව් අමරසූරිය මහතා ජූනි 27 වැනිදා සිට ඉන් ඉවත් වීමෙන් අනතුරුව වික්‍රමසිංහ මහතා මෙලෙස පත් කර තිබේ.
ජනාධිපති නීතිඥයකු වන වික්‍රමසිංහ මහතා එක්සත් රාජධානියේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ අධි සාමාජිකයකු වන අතර, කොළඹ විශ්විද්‍යාලයේ නීතිය පිළිබඳ ගෞරව උපාධිධාරියෙකි. එසේම ඒ මහතා මීට පෙර ලැයිස්තුගත වාණිජ බැංකුවක ජ්‍යේෂ්ඨ ස්වාධීන අධ්‍යක්ෂවරයකු ලෙසද කටයුතු කර තිබේ. මීට අමතරව ඔහු ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක ස්වාධීන අධ්‍යක්ෂවරයකු සහ එහි විගණන කමිටුවේ සභාපතීත්වය සහ වේතන කමිටුවේ සාමාජිකත්වයද දරා ඇත.
ජනාධිපති නීතීඥ මෛත්‍රී එවන් වික්‍රමසිංහ මහ බැංකුවේ පාලක මණ්ඩලයට