IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


ජනෙක් ජයසේකර කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට


භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කීල්ස් ෆුඞ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගමේ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස ජනෙක් වාස් ජයසේකර මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව මැයි 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ජයසේකර මහතා සමාගමේ ස්වාධීන, විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. වසර 25කට අධික කාලයක් පුරා කළමනාකරණ වෘත්තිකයකු සහ වරලත් ගණකාධිකාරවරයකු වන ඒ මහතා සතුව බැංකුකරණ, මූල්‍ය සේවා සහ නිෂ්පාදන, ප්‍රවාහන සහ සැපයුම් යනාදී ක්ෂේත්‍ර තුළ අත්දැකීම් සහිත බව පවසයි. ජයසේකර මහතා මීට පෙර අක්බාර් බ්‍රදර්ස්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, රිචර්ඩ් පීරිස් සමූහය යනාදී සමාගම්හි ජ්‍යෙෂ්ට මූල්‍ය සහ මෙහෙයුම් භූමිකාවන්හි සේවය කර තිබේ. 

 



අදහස් (0)

ජනෙක් ජයසේකර කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site