IMG-LOGO

2026 මාර්තු මස 16 වන සඳුදා


ජාත්‍යන්තර වෙළෙඳ තරගකාරිත්වය ඉහළ නැංවීමට අපනයන සංවර්ධන මණ්ඩලයෙන් වැඩසටහනක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අපනයන විභවතාවක් ඇති අපනයනකරුවන් උදෙසා “Beyond Borders: Incoterms, Risk Management and Strategies for Competitiveness in International Trade”  යන තේමාව යටතේ විශේෂ පුහුණු වැඩසටහනක් පසුගියදා අපනයන සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේදී පවත්වන ලදී.

මෙහිදී අදහස් දැක්වූ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා සඳහන් කළේ, ඉදිරි වසර පහ සඳහා වැඩිම දායකත්වයක් ලබා දෙන ප්‍රධාන අංශ හඳුනාගනිමින් පස් අවුරුදු ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් මේ වන විට සකස් කරමින් පවතින බවයි. පවතින අපනයන පදනම ශක්තිමත් කිරීමත්, ඒ හා සමානව නව අපනයනකරුවන් ජාත්‍යන්තර වෙළෙඳපොළට හඳුන්වා දීමත් මෙම වසරේ ප්‍රධාන කාර්යය බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ සෘජු අපනයන සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ (SME) දායකත්වය දැනට සියයට 5කට වඩා අඩු මට්ටමක පවතින බව පෙන්වා දුන් සභාපතිවරයා, ඉන්දියාව, බංග්ලාදේශය සහ වියට්නාමය වැනි රටවල එම දායකත්වය සියයට 25කට වඩා වැඩි බව ප්‍රකාශ කළේය. ‘‘අප ඒ තත්වය වෙනස් කළ යුතුය”‍ යනුවෙන් අවධාරණය කළ ඔහු, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ජාත්‍යන්තර වෙළෙඳපොළට සම්බන්ධ කර ගැනීමේ අවශ්‍යතාව ඉස්මතු කළේය.

අපනයන පුහුණු උපදේශක දිනේෂ් ද සිල්වා මහතා විසින් සිංහල හා ඉංග්‍රීසි යන භාෂා මාධ්‍යයෙන් මෙහෙයවන ලද මෙම පුහුණු වැඩමුළුවේදී ක්ෂේත්‍ර රැසක් ආවරණය විය. විශේෂයෙන්ම ඇණවුම් ස්ථාපනය කිරීමේ උපාය මාර්ග, ගැනුම්කරුගේ විශ්වාසය ගොඩනැගීම, නිෂ්පාදන දැනුම, ලේබල් කිරීම හා ඇසුරුම් කිරීම මෙන්ම තරගකාරිත්වය සඳහා වූ උපාය මාර්ගික මිලකරණය පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මීට අමතරව ව්‍යාපාරික අවදානම් කළමනාකරණය, Incoterms  ප්‍රායෝගික යෙදුම සහ ජාත්‍යන්තර ගෙවීම් ක්‍රමවේද පිළිබඳවද අපනයනකරුවන් දැනුවත් කරන ලදී.

මෙම අවස්ථාවට වෙළෙඳ පහසුකම් සහ වෙළෙඳ තොරතුරු අංශයේ අධ්‍යක්ෂ ආචාර්ය සංජීව රත්නසේකර මහතා ඇතුළු අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීහු සහභාගී වූහ.

 



අදහස් (1)

ජාත්‍යන්තර වෙළෙඳ තරගකාරිත්වය ඉහළ නැංවීමට අපනයන සංවර්ධන මණ්ඩලයෙන් වැඩසටහනක්

saman Tuesday, 03 March 2026 05:31 PM

ඔය EDB එකෙන් කුළුබඩු ක්ෂේත්‍රයෙ SME ලට නම් කරන්න දෙයක් නෑ. පහුගිය අවුරුද්ද පුරාවට ආපු email ටික බැලුවොත් වැඩිපුරම තියෙන්නේ trade fair වගේ SME ලාට අල්ලන්න බැරි තරමේ දේවල්. SME ලාට කරපු දේවල් වලින් ලැබුණු ප්‍රතිඵල හොයලා බලන්න වටිනවා කෙරුවාව කොහොමද කියලා බලන්න. හොයලා බලන්න වටිනවා. කෙරුවාව කොහොමද කියලා බලන්න. පහුගිය දවසක මාතර තිබුණු වැඩමුළුවක දේශනයකට ගෙන්නලා තිබුණු ‘සමගි Exporters‘ එකේ කෙනෙක්. ඔවුන් හොඳයි කුරුඳු ගොවියා හොඳටම සූරා කන විදිය කියලා දෙන්න. ඕක තමයි EDB එකේ තත්වේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site