IMG-LOGO

2026 මාර්තු මස 29 වන ඉරිදා


ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බද්ද සංශෝධිත නියෝගය පාර්ලිමේන්තුවට

නිමල කොඩිතුවක්කු
ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බද්ද (පැනවීම) සංශෝධිත නියෝගය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
2004 අංක 11 දරූ මුදල් පනතේ 22 (1) වගන්තිය අනුව රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද නියෝග නිකුත් කිරීමෙන් ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බදු අනුපාත නියම කිරීමට මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාට බලය පවරා තිබේ.
ඒ අනුව 2023 - ජනවාරි - 01 දිනැති 2312/80 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් අවසන් වරට සංශෝධනය කරන ලද 2010 - ජූලි 12 දිනැති අංක 1662/1 දරන අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති 2010 අංක 1 දරන ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බද්ද (පැනවීම) නියෝගය අංක 2430/14 දරන 2025 - අප්‍රේල් 01 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මගින් තවදුරටත් සංශෝධනය කරනු ලැබ ඇත.



අදහස් (0)

ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බද්ද සංශෝධිත නියෝගය පාර්ලිමේන්තුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site