
2025 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි ආදායමෙන් රජයට කරන අතිරේක දායකත්වයක් වශයෙන් රුපියල් මිලියන 750 (750,000,000.00) ක මුදලක් සහ 2025 වසරේ නොවැම්බර් මස ලොතරැයි ආදායමෙන් රුපියල් මිලියන 515 (515,164,431.40) ක මුදලක් ද ඇතුළුව රුපියල් මිලියන 1265 ක මුළු වටිනාකමකින් යුතු මුදලක් රජයේ ඒකාබද්ධ අරමුදලට ප්‍රදානය කිරීම ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති එම්.ඩී.සී.ඒ. පෙරේරා මහතා අතින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර වෙත පිළිගන්වන ලදී.
එම අවස්ථාවට, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆ්නි ප්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජාතික ලොතරැයි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඒ. එම්. අරීෆ්, ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන මූල්‍ය නිලධාරි ටී. ඩී. රසිකා ප්‍රබෝධනී යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඒකාබද්ධ අරමුදලට රු. මි. 1265 ක්