IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් පැවති දැනුම මිණුම තරගයේ ප්‍රථම ස්ථානය මැල්ලව කනිෂ්ඨ විද්‍යාලයට

සඳලංකාව හේමලතා ඩී. හේවගේ 


ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ දංකොටුව ශාඛාව සහ දංකොටුව විදාතා සම්පත් මධ්‍යස්ථානය එක්ව 2025 ලෝක විද්‍යා දිනයට සමගාමීව සංවිධානය කළ ප්‍රදේශයේ පාසල් අතර පැවති විද්‍යා දැනුම මිනුම තරගය ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
කොට්ඨාසයේ පාසල් සිසුන්ගේ විද්‍යා හා තාක්ෂණ දැනුම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවැති මෙම තරගයට පාසල් 06 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 06 ක් සහභාගීවිය. මෙම දැනුම මිනුම තරගයේ ප්‍රථම ස්ථානය මැල්ලව කනිෂ්ඨ විද්‍යාලීය කණ්ඩායම විසින් දිනා ගනු ලැබූ අතර, දෙවැනි ස්ථානය දංකොටුව බාලිකා මහා විද්‍යාලීය කණ්ඩායම සහ තෙවැනි ස්ථානය කිරිමැටියාන ධර්මාරාම බාලක විද්‍යාලීය කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.
මෙහිදී ජයග්‍රාහනය කළ කණ්ඩායම් සඳහා ජාතික ඉතිරි කිරීමේ බැංකුව මගින් මුදල් තිළිණ පිරිනැමුණි. මෙම අවස්ථාවට දංකොටුව ප්‍රාදේශීය ලේකම් විජානි වසන්තිකා, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ දංකොටුව ශාඛාවේ කළමනාකරු දිනේෂ් කුමාර, දංකොටුව විද්‍යා හා තාක්ෂණ නිලධාරි ජයශාන්ත ජයවීර යන මහත්ම මහත්මීන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, ජාතික ඉතිරි කිරීමේ බැංකු කාර්ය මණ්ඩලය සහභාගි වූ පාසල්වල ගුරු මහත්ම මහත්මීන් ඇතුළු සිසු සිසුවියන් පිරිසක් සහභාගී වී සිටියහ.

 

 ප්‍රථම ස්ථානය දිනාගත් මැල්ලව කනිෂ්ඨ විද්‍යාලීය කණ්ඩායමට දංකොටුව ප්‍රාදේශීය ලේකම් විජානි වසන්තිකා, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ දංකොටුව ශාඛාවේ කළමනාකරු දිනේෂ් කුමාර යන මහත්ම මහත්මීන් අතින් මුදල් ත්‍යාග වවුචරය පිරිනමන අයුරු.

දෙවැනි ස්ථානය දංකොටුව බාලිකා මහා විද්‍යාලීය කණ්ඩායමට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ දංකොටුව ශාඛාවේ කළමනාකරු දිනේෂ් කුමාර මහතා අතින් මුදල් ත්‍යාග වවුචරය පිරිනමන අයුරු.

 තෙවැනි ස්ථානය දිනාගත් කිරිමැටියාන ධර්මාරාම බාලක විද්‍යාලීය කණ්ඩායමට ඉතිරි කිරීමේ බැංකුවේ ශාඛා කළමනාකරු දිනේෂ් කුමාර මහතා අතින් මුදල් ත්‍යාග වවුචරය පිරිනමන අයුරු.

 

එම අවස්ථාවට සහභාගි වූ පිරිසෙන් කොටසක්



අදහස් (0)

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ අනුග්‍රහයෙන් පැවති දැනුම මිණුම තරගයේ ප්‍රථම ස්ථානය මැල්ලව කනිෂ්ඨ විද්‍යාලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site