IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හබරාදූව ශාඛාව නව පරිශ්‍රයකට


උණවටුන – ඩී.ජී. සුගතපාල


2010 වසරේදී ආරම්භ කරන ලද ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හබරාදූව ශාඛාව දශකයකට අධික කාලයක් මුළුල්ලේ ඉහළ ගනුදෙනුකාර සේවාවක් සපයා ඇති අතර ප්‍රදේශයේ ගනුදෙනුකාර ජනතාවට වඩා කාර්යක්ෂම බැංකුකරණ අත්දැකීමක් තිළිණ කිරීම සඳහා හබරාදූව ශාඛාව, හබරාදූව, ගාලු පාර, අංක 122/බී/1 දරණ නව පරිශ්‍රයේ දී පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කෙරිණ.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සාමාන්‍යාධිකාරී/ ප්‍රධාන විධායක නිලධාරී, ශෂී කණ්ඩම්බි, හබරාදූව ප්‍රාදේශීය ලේකම්, සුවිනි සුලෝචනා, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, කේ. රවීන්ද්‍රන්, සහකාර සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්), කමල් විජේවර්ධන, සහකාර සාමාන්‍යාධිකාරී (අලෙවි), දුලක්ෂි පෙරේරා, ප්‍රාදේශීය කළමනාකරුවන් වන, සුසන්ත පියරත්න සහ සසංක නානායක්කාර, හබරාදූව ශාඛා කළමනාකරු, හර්ෂ ජයවර්ධන යන මහත්ම මහත්මීහු ද රාජ්‍ය නිලධාරීන් සහ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ආරාධිතයන් විසින් මුල් දින තැන්පතු භාරගැනීම සිදුකරන ලද අතර වෛද්‍ය ජී.ආර්.ඒ. ද සිල්වා මහතා විසින් පළමු මුල් දින තැන්පතුව ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා වෙත භාරදෙන ලදී. 

වැඩි ඉඩකඩකින් සහ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ^ATM) ඇතුළු නවීන පහසුකම් රැසකින් සමන්විත මෙම ශාඛාව, ජනතාවගේ සියලු මූල්‍ය අවශ්‍යතා සපුරාලමින් වඩාත් ඉහළ ගනුදෙනුකාර සේවාවක් සැපයීමට සූදානමින් සිටී.

 



අදහස් (0)

ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ හබරාදූව ශාඛාව නව පරිශ්‍රයකට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site