IMG-LOGO

2026 ජුලි මස 10 වන සිකුරාදා


ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (2026-2030) ජූනි 16 දා එළිදැක්වේ

2030 වන විට ඩො.බි. 36 ක අපනයන ආදායම් ඉලක්කයක්


ඉදිරි වසර පහ සඳහා වන 2026-2030 ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (NEDP) නිල වශයෙන් එළිදැක්වීමේ උත්සවය 2026 ජූනි 16 වැනි දින කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පවසයි. 
2030 වසර වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 36 ක අපනයන ආදායම් ඉලක්කයක් සපුරා ගැනීම මෙම සැලැස්මේ ප්‍රධාන අරමුණ වී තිබේ. 
අපනයන තරගකාරිත්වය වැඩිදියුණු කිරීම සහ අපනයනය මූලික කරගත් තිරසර ආර්ථික වර්ධනයක් සඳහා වූ ජාතික ප්‍රමුඛතාවක් ලෙස මෙම සැලැස්ම සකස් කිරීමට 2025 අයවැයෙන් යෝජනා කරන ලදී.
ඒ අනුව, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති පාදක ණය  (PBL) වැඩසටහන යටතේ, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) තාක්ෂණික සහාය ඇතිව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) විසින් මෙම උපායමාර්ගික රාමුව සකස් කර ඇත.
මෙම ජාතික සැලැස්ම ප්‍රධාන කුලු‍නු දෙකක් මත පදනම්ව ව්‍යුහගත වී ඇති අතර, ඉන් පළමුවැන්න වන තිරස් අංශ (Horizontals) මගින් සියලු‍ ප්‍රමුඛතා අංශවල වර්ධනයට සහාය වීම සඳහා අවශ්‍ය මූලික පදනම සපයනු ලබයි. දෙවැනි කුලු‍න ලෙස අපනයන විවිධාංගීකරණය ඉහළ නැංවීම සහ අගය එකතු කිරීම ඉලක්ක කරගත් ප්‍රමුඛතා අංශ (Verticals) අටක් හඳුනාගෙන ඇත.
රාජ්‍ය හා පෞද්ගලික අංශය, සිවිල් සංවිධාන සහ ජාත්‍යන්තර හවුල්කරුවන් ඇතුළු 300කට අධික පිරිසකගේ දායකත්වය සහ පුළුල් සාකච්ඡා මාලාවකින් අනතුරුව මෙම සැලැස්ම සකස් කර ඇත.



අදහස් (0)

ජාතික අපනයන සංවර්ධන සැලැස්ම (2026-2030) ජූනි 16 දා එළිදැක්වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site