IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


ගෘහ ආර්ථිකය කළමනාකරණය එක් දින වැඩමුළුවක්

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත


සිය නිවෙස්වල ගෘහ ආර්ථිකය කළමනාකරණය පිළිබඳව ගෘහණියන් දැනුම්වත් කිරීමේ එක් දින වැඩමුළුවක් ඌරහස්මංහන්දිය, මහ ඌරගහ, කැකිරිගත්හේන ග්‍රාමීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණ.
බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ මහ ඌරගහ ග්‍රාමනිලධාරීනි, සංවර්ධන නිලධාරිනි සහ සමෘද්ධි නිලධාරි මහත්ම මහත්මීන්ගේ මග පෙන්වීම යටතේ මේ වැඩමුළුව පැවැත්විණ.
 ගෘහනිණියන්ගේ නොදැනුවත් කම නිසා සිය නිවෙස්වල විදුලිය, ජලය හා ආහාරපාන අපතේ යාමෙන් නිවසේ මිල මුදල් අපතේ යන ආකාරය පිළිබඳව මෙහිදී ගෘහණියන් දැනුම්වත් කිරීම සිදු කෙරිණ.
මේ වැඩසටහන බලපිටිය මානව සම්පත් සංවර්ධන නිලධාරී ටී.ආර්.ඩී. මෙන්ඩිස් මහතා සහ අම්බලන්ගොඩ වනිතා සංවර්ධන නිලධාරී කුමාරි පණ්ඩිතගේ බෙන්තොට වනිතා සංවර්ධන නිලධාරිනි සමන්ති හේමචන්ද්‍ර යන මහත්මීන් ඇතුළු පිරිසක් මෙහෙයවූහ.



අදහස් (0)

ගෘහ ආර්ථිකය කළමනාකරණය එක් දින වැඩමුළුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site