IMG-LOGO

2026 අගෝස්තු මස 28 වන සිකුරාදා


ගුවන ආශ්‍රිත විනෝදාස්වාද ක්‍රීඩා නියාමනයට නව වැඩපිළිවෙළක්

භානුක අමරසිංහ


ගුවන ආශ්‍රීත විනෝදාස්වාද ක්‍රීඩා හා ත්‍රාසජනක ගුවන් ක්‍රියාකාරකම් නියාමනය සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරිය පවසයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන    අධිකාරිය සමගින් එක්ව මෙම වැඩපිළිවෙළ ආරම්භ කර තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයන්ට මෙරට පවතින පාරිසරික හා භූවිෂමතාවලට අනුව ගුවන ආශ්‍රීත විනෝදාස්වාද ක්‍රීඩා හා ත්‍රාසජනක ගුවන් අත්දැකීම්වල නිරතවීම සඳහා නව අවස්ථා හඳුන්වාදීම   එහි අපේක්ෂාව වී තිබේ.

ඒ අනුව මෙම අංශ යටතේ කටයුතු කරන මෙහෙයුම්කරුවන්, ව්‍යාපාරිකයන් හා වෘත්තිකයන් ඇතුළු එම ක්ෂේත්‍රයේ නියුතු පාර්ෂවකරුවන් සමග එහි ඉදිරි කටුයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් පසුගියදා ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ දී සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සාගර කොටකදෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී තිබේ.



අදහස් (0)

ගුවන ආශ්‍රිත විනෝදාස්වාද ක්‍රීඩා නියාමනයට නව වැඩපිළිවෙළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site