
පසුගිය නොවැම්බර් මාසය අවසානයේදී මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හටගත් අධික වර්ෂාව නිසා ඇති වූ ගංවතුර බලපෑමට ලක් වූ මෙරට කෘෂිකාර්මික වගා බිම් පිළිබඳ නවතම සිතියම් වාර්තාවක් ඉදිරිපත් කරන්නට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පසුගියදා පියවර ගත්තේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර සහ කෘෂිකර්මාන්ත සංවිධානයේ (FAO) සහයෝගයෙන් මෙම සිතියම් වාර්තාව සකස් කර තිබේ.
2025 දෙසැම්බර් 17 වන දිනට ලබා ගත් චන්ද්‍රිකා දත්තවලින් අනාවරණය වූ ගංවතුර පිළිබඳ දත්ත මෙම සිතියම් තුළ අඩංගුව ඇත. ඒ අනුව මෙම සිතියම් මගින් ගංවතුරෙන් පීඩාවට ලක් වූ වී, එළවළු සහ අනෙකුත් ක්ෂේත්‍ර භෝග වගා බිම් පෙන්වන අතර, එහිදී ප්‍රධාන කෘෂිකාර්මික දිස්ත්‍රික්ක කිහිපයක් වෙත වැඩි හානි සිදුව තිබෙන බව ඉන් පැහැදිලි වෙයි. මෙම බලපෑම ජීවනෝපාය, ආහාර නිෂ්පාදනය සහ ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාවට තර්ජනයක් එල්ල කරන බව FAO සංවිධානය පවසයි.
ගංවතුරෙන් හානි වූ කෘෂිකාර්මික වගා බිම් පිළිබඳ නවතම දත්ත වාර්තාවක්