IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගලධාරි හෝටලයේ අලු‍ත්වැඩියාවට BOI සමගින් තවත් එකඟතාවක්

  • අලු‍ත්වැඩියාව සඳහා BOI හරහා දැනටමත් ඩොලර් මිලියන 48.5ක ආයෝජනයක් භානුක අමරසිංහ 

කොළඹ පිහිටි ගලධාරි හෝටලයේ සිදු කරන අලු‍ත්වැඩියා කටයුතු සම්බන්ධයෙන් ආයෝජන මණ්ඩලය සමගින් තවත් පරිපූරක එකඟතාවකට පැමිණි බව ගලධාරි හොටේල්ස් (ලංකා) පීඑල්සී සමාගම පවසයි. 

පසුගිය දෙසැම්බර් 23 වැනිදා මෙම එකඟතාවට පැමිණ තිබේ. ඒ අනුව අදාළ ව්‍යාපෘතිය සඳහා වන කාලය 2025 නොවැම්බර් 10 වැනිදා සිට 2026 නොවැම්බර් 09 දක්වා මාස 12ක කාලයකින් දීර්ඝ කරගැනීමක් සිදු කරගත් බව සමාගම සඳහන් කරයි. 

ගලධාරි හෝටලය 2023 නොවැම්බර් 14 වැනිදා ආයෝජන මණ්ඩලයත් සමගින් පැමිණි එකඟතාවකට අනුව හෝටලයේ අලු‍ත්වැඩියා කටයුතු සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 33.5ක ආයෝජනයක් සඳහා පිවිසුණි. පසුව 2025 නොවැම්බර් 07 වැනිදා එම ආයෝජනය ඩොලර් මිලියන 48.5ක් දක්වා ඉහළ දැමීමක්ද සිදු කෙරිණි. අලු‍ත්වැඩියා කිරීම්වලින් පසුව ලබන වසරේ දෙවැනි කාර්තුවේදී හෝටලය සම්පූර්ණයෙන්ම පාරිභෝගිකයන් සඳහා විවෘත කිරීම සැලසුම වී තිබේ.

 



අදහස් (0)

ගලධාරි හෝටලයේ අලු‍ත්වැඩියාවට BOI සමගින් තවත් එකඟතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site