IMG-LOGO

2026 මාර්තු මස 27 වන සිකුරාදා


ග්‍රාමීය ප්‍රජා ජල ව්‍යාපෘති 175කට මහවැලි උපදේශන කාර්යාංශයේ තාක්ෂණික සහාය


නිමල කොඩිතුවක්කු


ග්‍රාමීය ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මහවැලි උපදේශන කාර්යාංශයේ තාක්ෂණික සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ විවිධ ප්‍රජා ජල සැපයුම් ව්‍යාපෘති වල තිරසරභාවය තහවුරු කිරීමේ ප්‍රධාන අරමුණ සහිතව 2014 වර්ෂයේදී ආරම්භ කර ඇති ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව විසින් 2019/2020 හා 2021 වර්ෂවලදී ‘ප්‍රජා ජල අභිමානී‘ වැඩසටහන යටතේ නව ප්‍රජා ජල ව්‍යාපෘති 367 ක් ආරම්භ කර ඇත. 

කොරෝනා වසංගත තත්වය හා ආර්ථික අර්බුදය හේතුවෙන් ඒ අතරින් වැඩ නිම කිරීමට නොහැකි වූ ව්‍යාපෘති 175 ක් තව දුරටත් ක්‍රියාත්මක කර අවසන් කළ යුතු ව තිබේ. එහෙත්, එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ප්‍රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුවේ වර්තමාන තාක්ෂණික කාර්ය මණ්ඩලය ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන ඇත. එබැවින්, එම ව්‍යාපෘති 175 අතරින් අප්‍රමාදව අවසන් කළ යුතුව ඇති ව්‍යාපෘති 48ක වැඩ අවසන් කිරීමට හැකි වන පරිදි, අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ශක්‍යතා අධ්‍යයන කටයුතු/විමර්ශන කටයුතු සිදු කිරීම, මූලික සැලසුම් සහ සවිස්තරාත්මක ඉංජිනේරුමය සැලසුම් සකස් කිරීම, ප්‍රසම්පාදන ලේඛන සකස් කිරීම සහ ව්‍යාපෘති අධීක්ෂණය කිරීම ආදි තාක්ෂණික සේවා 2026-2027 කාලයේ මහවැලි උපදේශන කාර්යාංශය වෙතින් ලබා ගැනීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (0)

ග්‍රාමීය ප්‍රජා ජල ව්‍යාපෘති 175කට මහවැලි උපදේශන කාර්යාංශයේ තාක්ෂණික සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site