යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට වසර 50ක කාල සීමාවකට සුදුසු ආයෝජකයකුට
ව්‍යාපෘතියට අක්කර 10 රූඩ් 03 පර්වස් 28.04 ක ඉඩම් කොටසක්
නිමල කොඩිතුවක්කු
නුවරඑළිය, ඩන් අතුරු මාර්ගයේ ග්‍රෙගරි වැවට යාබදව පිහිටි ඉඩම් කොටසක් සංචාරක ආකර්ෂණය සහිත තේමා උද්‍යානයක් ක්‍රියාත්මක කිරීම සඳහා බැහැර කිරීම පිණිස ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
නුවරඑළිය, ඩන් අතුරු මාර්ගයේ ග්‍රෙගරි වැවට යාබදව පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු අක්කර 10 රූඩ් 03 පර්වස් 28.04 ක ඉඩම් කොටස විදේශ සංචාරකයන් ආකර්ෂණය කරන විනෝද කාර්යයන් සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සුදුසු බවට හඳුනාගෙන ඇත.
ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරිය සතු දැනට භාවිත කර නොමැති ඉඩම් සඳහා යෝග්‍ය සංවර්ධන කටයුතු නිර්දේශ කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලැබ ඇති විශේෂ කමිටුව විසින් නිර්දේශ කරනු ලැබ ඇත.
එකී ඉඩම් කොටස යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වසර 50ක කාල සීමාවකට සුදුසු ආයෝජකයකු වෙත බැහැර කිරීමට හැකි වන පරිදි ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් ආයෝජන යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
ග්‍රෙගරි වැවට යාබදව සංචාරක ආකර්ෂණය සහිත තේමා උද්‍යානයක්