IMG-LOGO

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා


ගෝමරන්කඩවලට BOC නියෝජිත සේවා මධ්‍යස්ථානයක්

ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව 
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ගෝමරන්කඩවල උප තැපැල් කාර්යාලයේ නව BOC Connect නියෝජිත බැංකු සේවා මධ්‍යස්ථානයක් පසුගියදා විවෘත කළේය. 
ලංකා බැංකුවේ සේවා මෙතෙක් ඍජු නියෝජනයක් නොතිබූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කරා ව්‍යාප්ත කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත. මෙමගින් ගෝමරන්කඩවල ප්‍රදේශයේ ජනතාවට තමන්ගේම මූල්‍ය මධ්‍යස්ථානයක් හිමිවන අතර ගමන් කාලය සහ පිරිවැය අවම කරගනිමින් සෙනසුරාදා දින ද ඇතුළුව පස්වරු 4.00 දක්වා බැංකු පහසුකම් ලබා ගැනීමේ අවස්ථාව ද සලසා දී තිබේ. 
මෙම විවෘත කිරීමේ අවස්ථාවට ලංකා බැංකුවේ නැගෙනහිර පළාත් සහකාර මහා කළමනාකරු කුමුදු මහවත්ත, නැගෙනහිර පළාත් මෙහෙයුම් කළමනාකරු රසික විජේවර්ධන, මොරවැව ශාඛා කළමනාකරු අරුන් ප්‍රසාත් යන මහත්වරු ඇතුළු බැංකු කාර්ය මණ්ඩලය සහභාගි වූහ. එමෙන්ම, ගෝමරන්කඩවල උප තැපැල් ස්ථානාධිපතිනි ජේ. සන්ධ්‍යා කුමුදු, ගෝමරන්කඩවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රදේශයේ අනෙකුත් රාජ්‍ය නිලධාරීහු ද මෙම අවස්ථාවට එක් වූහ.



අදහස් (0)

ගෝමරන්කඩවලට BOC නියෝජිත සේවා මධ්‍යස්ථානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site