IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


ගනුදෙනු සක්‍රීය විය හැකි පදනමක්: අලුත් අවස්ථාවක්

කොටස් මිල පිරිහී ගිය පසු අලුත් මිල දී ගැනීම් සඳහා ආයෝජන අංශ උනන්දු විය හැකි බව ආයෝජන උපදේශකයෝ පුරෝකථනය කරති. ඉකුත් දින කිහිපය තුළ කොටස් වෙළෙඳපොළ පසුබෑමක පසු වූ අතර විකිණීමේ ප්‍රවණතාව ඉහළ තැනෙක තිබුණි. කෙසේ නමුත් අද දිනයේ ගනුදෙනුවල දී කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශක වර්ධනයක් සඳහා අවස්ථා ඇති බව ප්‍රකාශ වේ. ගනුදෙනුකරුවන් ගේ මිල දී ගැනීම් සක්‍රීය වුවහොත් නැවත වතාවක් පිබිදීමක් වාර්තා වනු ඇත.

ඊයේ ගනුදෙනු ආරම්භයේ සිට වෙළෙඳපොළ පිරිහීමක් වාර්තා වූ අතර පසුව යම් උනන්දුවක් ඇති කරන ලද නමුත් එය වර්ධනයක් කරා ගෙන යන්නට ප්‍රමාණවත් වූයේ නැත. සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,689.22 ක් දක්වා පහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 99.57 ක අඩුවීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,203.09 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 52.54 ක අඩුවීමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රුපියල් බිලියන 6.19 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 45,556 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 211.81 ක් විය. සමාගම් 119 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 143 කි. විදේශ මිල දී ගැනීම් රුපියල් මිලියන 68.9 කි. විකිණීම් රුපියල් මිලියන 111.4 ක් වේ. රටින් බැහැර වූ ප්‍රමාණය රුපියල් මිලියන 42.5 කි. සතියේ මුල් භාගයේ මිල දී ගැනීම් වාර්තා වූ නමුත් මෙදින ගනුදෙනුවල දී විකිණීමේ ප්‍රවණතාවක් වාර්තා කෙරිණ.

ඩොක්යාඩ් රුපියල් මිලියන 641 ක්, ජෝන් කීල්ස් හෝල්ඩිං රුපියල් මිලියන 284 ක්, ලංකා රියැලිටි ඉන්වෙස්ට්මන් රුපියල් මිලියන 270 ක්, සියෙරා කේබල් රුපියල් මිලියන 260 ක්, හැටන් ප්ලාන්ටේෂන් රුපියල් මිලියන 247ක්, ලාෆ් ගෑස් රුපියල් මිලියන 206 ක්, සී. එම්. හෝල්ඩිං රුපියල් මිලියන 200 ක්, පෑන් ඒෂියා බැංකුව රුපියල් මිලියන 166 ක්, රේණුකා හෝල්ඩිං රුපියල් මිලියන 160 ක්, ලංකා ඉන්දියන් ඔයිල් රුපියල් මිලියන 136 ක්, රෝයල් සෙරමික් රුපියල් මිලියන 90 ක්, කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 89 ක්, රයිගම් වයඹ රුපියල් මිලියන 86 ක් සහ වශයෙන් වැඩිම පිරිවැටුමක ක්‍රියාකාරීත්වයක් දැක්විය.

නිරීක්ෂක



අදහස් (0)

ගනුදෙනු සක්‍රීය විය හැකි පදනමක්: අලුත් අවස්ථාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site