මුල් මාස 09යේදී අඩි 20 බහාලුම් ඒකක මිලියන 6.2ක් හැසිරවීමට සමත්වෙලා
මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මුල් මාස 09 ක කාලය තුළදී කොළඹ වරාය මගින් අඩි 20 බහාලුම් ඒකක මිලියන 6.2ක් හැසිරවීමට සමත්ව ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මෙය පසුගිය වසරේ එම කාලසීමාවේදී වාර්තා කළ බහාලුම් ඒකක මිලියන 5.8 හා සැසඳීමේදී සියයට 6.7 ක වර්ධනයකි.
මෙහිදී සැප්තැම්බර් මාසයේ දී සිදුකළ බහාලුම් මෙහෙයුම් සංඛ්‍යාව ඒකක 742,116ක් ලෙස සටහන්ව ඇත. එය පසුගිය වසරේ සැප්තැම්බරයේ දී මෙහෙයවූ බහාලුම් ඒකක 648,647 හා සැසඳීමේදී සියයට 14.4 ක වර්ධනයක් ලෙස සටහන්ව තිබෙන බව මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සටහන්ව තිබේ.
මේ අතර කොළඹ වරාය මගින් සිදුකළ ප්‍රතිනැව්ගත කිරීම් ද මෙම කාලසීමාවේදී බහාලුම් ඒකක මිලියන 4.94ක් දක්වා පෙර වසරට සාපේක්ෂව සියයට 4.8 ක වර්ධනයක් වාර්තා කර ඇත. ඒ අතරින් සැප්තැම්බර් මාසයේ දී එම ප්‍රතිනැව්ගත කිරීම් ඒකක 584,863ක් ලෙස සටහන්ව තිබේ. එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසය හා සැසඳීමේදී සියයට 13.1 ක වර්ධනයක් වුවත්, මේ වසරේ අගෝස්තු මාසයේ බහාලුම් ඒකක 592,413 හා සැසඳීමේදී සියයට සියයට 1.27 ක අඩුවීමකි.
මීට අමතරව මුල් මාස නවයේ දී කොළඹ වරාය තුළ සිදුකළ බහාලුම් ප්‍රතිගබඩා කිරීමේ මෙහෙයුම් කැපී පෙනෙන වර්ධනයක් සටහන් කරමින් බහාලුම් ඒකක 267,231ක් ලෙස සටහන්ව ඇත. එය පසුගිය වසරේ සිදුකළ එම මෙහෙයුම් ප්‍රමාණය හා සැසඳීමේදී සියයට 20ක වර්ධනයකි.
කොළඹ වරායේ බහාලුම් හැසිරවීමේ සියයට 6.7ක වර්ධනයක්