IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


කොළඹ වරායේ බහාලු‍ම් හැසිරවීම් ධාරිතාව සියයට 5.7කින් ඉහළට


මේ වසරේ මුල් මාස අටක කාලය තුළදී කොළඹ වරායේ බහාලු‍ම් හැසිරවීමේ ධාරිතාව අඩි 20ක විශාලත්වයක් සහිත බහාලු‍ම් මිලියන 5.43ක් බව වාර්තා වෙයි. 

මෙය පසුගිය වසරේ එම කාලසීමාව තුළදී හැසිරවුණු බහාලු‍ම් මිලියන 5.14 හා සැසඳීමේදී සියයට 5.7 ක වර්ධනයක් ලෙස සටහන්ව තිබේ. වසරේ මුල් මාස අට තුළ විදේශ අංශයේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මහ බැංකුව නිකුත් කළ වාර්තාවක් තුළ මේ බව සඳහන්ව තිබේ. 

ඒ අනුව මෙම වසරේ එම කාලසීමාව තුළදී කොළඹ වරාය මගින් සිදු කළ බහාලු‍ම් නැව්ගත කිරීම් සංඛ්‍යාව මිලියන 4.35ක් ලෙස සටහන්ව ඇති අතර, එය පෙර වසරේ එම කාලසීමාවේ සිදුකළ බහාලු‍ම් මිලියන 4.19 හා සැසඳීමේදී සියයට 3.8 ක වර්ධනයකි. එසේම අභ්‍යන්තර බහාලු‍ම් හැසිරවීම්ද 2024 වසරේ සිදුකළ 754,834 හා සැසඳීමේදී මේ වසරේ එම කාලසීමාවේදී බහාලු‍ම් 858,324ක් දක්වා සියයට 13.7 කින් වර්ධනය වී තිබේ.



අදහස් (0)

කොළඹ වරායේ බහාලු‍ම් හැසිරවීම් ධාරිතාව සියයට 5.7කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site