IMG-LOGO

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා


කොළඹ කොටස් වෙළඳපොළ දෙවැනි දිනටත් පහළට

 

  • සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 170.82 කින් පහළට

කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු යම් පසුබැසීමක් ඊයේ (06දා) දිනයේදී පෙන්නුම් කෙරිණි. ඒ අනුව මෙය පිට පිට දෙවැනි දිනයට කොටස් හුවමාරුවෙහි අගය පහත වැටීමක් ලෙස සටහන්ව තිබේ. 

ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු‍ කොටස් මිල දර්ශකය (ASP) ඒකක 15,878.60ක් දක්වා ඒකක 170.82 කින් පහත වැටුණි. මෙය පෙර දිනයේ වාර්තා කළ ඒකක 16,049.42 හා සැසඳීමේදී සියයට 1.06ක පසුබැසීමකි. එසේම ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා දර්ශකය (Sand PSL20) ඒකක 4,804.94ක් ලෙස සටහන් වූ අතර එය පෙර දිනයේ පැවැති ඒකක 4,860.33 හා සැසඳීමේදී ඒකක 55.39කින් එනම් සියයට 1.14ක පහත වැටීමකි. 

මේ අතර ඊයේ දිනයේදී කොටස් 358,665,509ක් ගනුදෙනු වී ඇති අතර, රුපියල් බිලියන 8.57ක පිරිවැටුමක් වාර්තා විය.



අදහස් (0)

කොළඹ කොටස් වෙළඳපොළ දෙවැනි දිනටත් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site