IMG-LOGO

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා


කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු යළි ඇරඹේ

(හර්ෂණ තුෂාර සිල්වා)
 
කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් සහ කතෝලික දේවස්ථාන ඉලක්ක කරගනිමින් පාස්කු ඉරිදා දිනයේදී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර හේතුවෙන් ඇති ව්‍යසනකාරී තත්ත්වය නිසා වසා දැමුණු කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු අද (23) ආරම්භ කිරීමට නියමිතය.
 
ඊයේ (22) කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු නවතා දැමුණු අතර සාමාන්‍ය පරිදි එහි කටයුතු අද (23) උදෑසන ආරම්භ කිරීමට නියමිතය. 
 
බෝම්බ ප්‍රහාරවලින් මියගිය, තුවාල ලැබූ සහ විපත්ට පත්වූවන් සිහිපත් කරමින් උදෑසන 10.32ට විනාඩියක නිශ්ශබ්දතාවක් පළ කිරීමට ද කොළඹ කොටස් වෙළෙඳපොළ පියවර ගෙන තිබේ. 
 
එයින් අනතුරුව සාමාන්‍ය පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු සිදු කෙරෙනු ඇත. 



අදහස් (0)

කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුතු යළි ඇරඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site