නිමල කොඩිතුවක්කු
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කොළොන්නාව නිමාවේ 7 වැනි කලාපයේ නිෂ්පාදන පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කොළොන්නාව නිමාවේ 7 වැනි කලාපයේ නිෂ්පාදන පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීම අදියර 03 ක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව විසින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම නිර්දේශ කර තිබේ.
කොළොන්නාව නිමාවේ 7 කලාපයේ පෙට්‍රල්, ඩීසල් සහ භුමිතෙල් සඳහා අති නවීන පිරවුම් පහසුකම් සඳහා වන සම්පූර්ණ සැලැස්ම සකස් කිරීම සහ එම කලාපයේ පෙට්‍රල් පිරවුම් පහසුකම ඉදිකිරීම අදියර - 1 ක්‍රියාත්මක කිරීම සඳහා වන මුළු පිරිවැය රුපියල් මිලියන 1455 +බදු ලෙස ඇස්තමේන්තු කර ඇත.
ඒ අනුව, කොළොන්නාව නිමාවේ 7 කලාපයේ නිෂ්පාදන පිරවුම් පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ අදියර 1 ක්‍රියාත්මක කිරීම සහ ඉංජිනේරු, ප්‍රසම්පාදන, ඉදිකිරීම සහ ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුවක් වශයෙන් ඒ සඳහා වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
කොළොන්නාවේ නිෂ්පාදන පිරවුම් පහසුකම් සංවර්ධනයට කැබිනට් අනුමැතිය