IMG-LOGO

2026 ඔක්තෝබර් මස 01 වන බ්‍රහස්පතින්දා


කළුතර වෙළෙඳ සංගමයෙන් දක්ෂ සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව


 


කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි 


කළුතර වෙළෙඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමය මගින් 24 වරටත් සංවිධානය කරන ලද කළුතර ප්‍රදේශයේ දක්ෂ සිසු සිසුවියන්ට ශිෂ්‍යාධාර ප්‍රදානය කිරීමේ උත්සවය කළුතර දිස්ත්‍රික් ලේකම් සුනන්ද හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

එහිදී දිස්ත්‍රික් ලේකම්වරයා අතින් එක් සිසුවකු ශිෂ්‍යාධාර ලබා ගත් ආකාරයත් ශිෂ්‍යාධාර ලැබූ සිසු සිසුවියන් අමතා කළුතර ලංකා බැංකු අධි ශ්‍රේණි ශාඛාවේ කළමනාකාරිණී හර්ෂනී විදානගමාච්චි මෙනෙවිය විශේෂ දෙසුමක් පැවැත්වූ ආකාරයත් එම අවස්ථාවට එක්ව සිටි පිරිසත් ඡායාරූපවලින් දැක්වේ.

කළුතර දකුණ ශාසණාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී තිනියාවල ඥානින්ද හිමියන් මෙහිදී පිරිස පංචශීලයෙහි පිහිටවූ අතර කළුතර වෙළෙඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමයේ සභාපති රෝලන්ඞ් වීරකෝන් හා ලේකම් ගයාන් ගුණවර්ධන යන මහත්වරුද මෙහිදී කතා කළහ.

කළුතර අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් වන සමන්තිකා පී ලියනගේ හා ශ්‍යාමා පී. කාරියවසම්, කළුතර ප්‍රාදේශීය ලේකම් එම්.ඒ.පී. ජයකොඩි යන මහත්ම මහත්මීන්ද කළුතර වෙළෙඳ හා කර්මාන්ත හිමියන්ගේ සංගමයේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක්ද මීට එක්ව සිටියහ.



අදහස් (0)

කළුතර වෙළෙඳ සංගමයෙන් දක්ෂ සිසු සිසුවියන්ට ශිෂ්‍යත්ව

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site