IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


කස්තුරි චෙල්ලරාජා සෙංකඩගල ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට


 භානුක අමරසිංහ 


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කස්තුරි චෙල්ලරාජා මහත්මිය පත්කරගත් බව එම සමාගම පවසයි. 

ඒ අනුව මාර්තු 05 වැනිදා සිට බලාත්මක වන පරිදි ඇය ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කර ගෙන තිබේ. 

කස්තුරි චෙල්ලරාජා මහත්මිය එම ධුරයට පත් කිරීම සඳහා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන සුපරීක්ෂණ දෙපාර්තමේන්තුවේද අනුමැතිය හිමිව ඇතැයි එම සමාගම සඳහන් කරයි. 

මෙම පත්වීම ලැබීමට පෙර ඇය 2000 වසරේ ඔක්තෝබර් මාසයේ සිට 2024 මාර්තු මාසය දක්වා හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙසත් කටයුතු කළාය. 

එසේම එම අවස්ථාවේදී ඇය මෙරට සමාගමකට පත් වූ පළමු කාන්තා ප්‍රධාන විධායක නිලධාරිනිය බවටත් ඉතිහාසයට එක් වූවාය. 

 



අදහස් (0)

කස්තුරි චෙල්ලරාජා සෙංකඩගල ෆිනෑන්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site