IMG-LOGO

2025 ජුලි මස 05 වන සෙනසුරාදා


ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් රැසක් බිහි කළ SLIBA 36 වැනි වාර්ෂික සම්මේලනය පවත්වයි

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් ඇසෝසියේෂන්  (SLIBA) එහි 36වැනි වාර්ෂික සමුළුව කොළඹ 03 Ramada Wyndham හිදී පසුගිය දා පවත්වන ලදී. 

රක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තීමයභාවය ඉහළ නංවන නව යුගයක් වෙනුවෙන් SLIBA නව කමිටුව, සභාවේ ඒකමතික ඡන්දයෙන් එහිදී තෝරා පත් කරගනු ලැබීය.

ප්‍රිතා ප්‍රනාන්දු - සභාපති, චතුර සියසේන - උප සභාපති, රෝෂිනී සිල්වා - ලේකම්, නිරෝෂ් ගුණරත්න - භාණ්ඩාගාරික, චරිත් මහේන්ද්‍රරාජා - හිටපු සභාපති , කමිටු සාමාජිකයන් ලෙස ඒන්ස්ලි අලස්, නිරංජන් මාණිකම්, සුජීව විදානපතිරණ, ආදෙල් හෂිම්, නලින් ධර්මසිංහ යන මහත්මහත්මීන් ද මේ අනුව තෝරා ගත් කරගන්නා ලදී.

SLIBA ශ්‍රී ලංකාවේ රක්ෂණ තැරැව්කරණය සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළේ කාර්යයක නියුතු සංගමයක් වන අතර එහි මූලික අරමුණ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට වඩාත් ගැළපෙන රක්ෂණාවරණ යෝජනා කිරීමයි.

නවීනතම තාක්ෂණ දැනුමින් සන්නද්ධ වෙමින්, කාර්යක්ෂම හා වෘත්තීය මට්ටමේ සේවාවක් ලබා දීම වෙනුවෙන් සංගමය නිරන්තරයෙන් ඇපකැපවී කටයුතු කරයි. මෙකී මෙහෙවර නිසා ජනතාවට වඩාත් ස්වාධීන හා විශේෂඥ සේවාවක් ලබා ගැනීමේ අවස්ථාව නොමදවම හිමි වේ.



අදහස් (0)

ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් රැසක් බිහි කළ SLIBA 36 වැනි වාර්ෂික සම්මේලනය පවත්වයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site