IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


කෘෂිකර්මාන්තය නංවන්න තුර්කිය සමඟ ගිවිසුමකට සැරසේ

කෘෂිකාර්මික සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් තුර්කිය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹීමට රජය තීරණය කර තිබේ.
 
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර කෘෂිකාර්මික කටයුතු සම්බන්ධ දැනුම, තාක්ෂණය හා ශිල්ප ක්‍රම හුවමාරු කරගැනීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව රජය එම තීරණය ගෙන තිබේ. අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එහිදි ඊට අනුමැතිය හිමිව තිබේ. 
 
පසුගිය වසරේදී ශ්‍රී ලංකාව තුර්කියෙන් කරන ලද ආනයනවල වටිනාකම ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 69.20ක් වන අතර ශ්‍රී ලංකාවෙන් තුර්කියට කරන ලද අපනයනවල වටිනාකම ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 154.4ක් බව දත්ත වාර්තා සඳහන් කරයි. මේ අනුව පසුගිය වසරේදී දෙරට අතර සිදු වූ ද්විපාර්ශවීය වෙළෙඳාමේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 223.60 ක් බව ද දත්තා වාර්තා සඳහන් කරයි.  

055



අදහස් (1)

කෘෂිකර්මාන්තය නංවන්න තුර්කිය සමඟ ගිවිසුමකට සැරසේ

කුමාර් (ගල්ෆ්) Monday, 22 January 2018 02:35 PM

කෘෂිකර්මාන්තය නංවන්න දැනුම ගන්න හොඳම රට ඊශ්‍රායලයයි, ඊශ්‍රායලය තුර්කියට වඩා බොහෝ ඉදිරියෙන් ඉන්නා රටක්.

:       406       317

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site