(ඩබ්. ඒ. පියතිලක)
කවුඩුල්ල ජාතික උද්‍යානය සහ මින්නේරිය ජාතික උද්‍යානයේ දෙස් විදෙස් සංචාරකයන් එම උද්‍යාන නැරඹීම සඳහා ප‍්‍රවේශ පත‍්‍ර අලෙවි කිරිමෙන් 2017 වර්ෂයේ ආදායම මිලියන 550ක (කෝටි 55) ආදායමක් උපයා ඇති බව එම උද්‍යානවල භාරකරුවෝ කියති.
කවුඩුල්ල ජාතික උද්‍යානයේ පමණක් 2017 වර්ෂයේ මිලියන 270ක ප්රවේශපත්ර අලෙවි කර ඇති බවත් එම වර්ෂයේ අගොස්තු මස පමණක් මිලියන 52කට ආසන්න මුදලක ප‍්‍රවේශපත‍්‍ර අලෙවි කළ බවත් මේ දිනවල දිනක ආදායම ලක්ෂ 2-3ක් පමණ බවත් කවුඩුල්ල ජාතික උද්‍යානයේ භාරකරු ඩබ්. ජී. කේ හේරත් මහතා කියයි.
මින්නේරිය ජාතික උද්‍යානයේ 2017 වර්ෂයේ මිලියන 280ක ප්රවේශපත්ර අලෙවි කර ඇතිබවත් එම වර්ෂයේ අගොස්තු මස පමණක් මිලියන 55කට ආසන්න මුදලක ප‍්‍රවේශපත‍්‍ර අලෙවි කළ බවත් මේ දිනවල දිනක ආදායම ලක්ෂ 10-15ක් පමණ බවත් මින්නේරිය ජාතික උද්‍යානයේ භාරකරු බී. එස්. මඩුගල්ල මහතා කියයි.
කවුඩුල්ලේ හා මින්නේරිය උද්‍යාන ආදායම කෝටි55
kumar (gulf) Thursday, 18 January 2018 12:23 PM
මිලියන හම්ම්බුවෙච්ච ඒවා ගැන පම්පෝරි ගහ ගහ හිටිනවා මිසක වනේ සත්තු ටික ආරක්ෂා කරන්න පිළිවෙලක් යොදන්නේ නැත්ද?
Nilantha Friday, 19 January 2018 12:36 AM
මෙය ඇරඹීමට පාර කැපු හබරණ පියා, මල්ලිට අපගේ උපහාරය... !!!
indika Saturday, 20 January 2018 03:30 AM
මෙම වන උද්‍යාන තියෙන්නේ සල්ලි හම්බකරන්නද නැතිනම් වන ජීවීන්ට ආරක්ෂාව සපයන්නද නිදහසේ
Don Saturday, 20 January 2018 10:26 AM
මොන තරම් විශාල ආදායමක්ද ? නිකන් තියෙන ස්වාබාවධර්මයේ දායාදයකින් මේ තරම් ආදායමක් ලැබීමට අපේ රටේ ආණ්ඩු මොන තරම් පින් කරලා තියෙනවද.