IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


ක්වේට ගුවන් සේවය නැවතත් ශ්‍රී ලංකාවට

භානුක අමරසිංහ

ක්වේටයේ ජාතික ගුවන් සේවය වන ක්වේට් එයාර්වේස් ගුවන් සේවය ඊයේ (27) දිනයේ සිට නැවතත් ශ්‍රී ලංකාව වෙත සිය ඍජු ගුවන් මෙහෙයුම් ආරම්භ කළේය. ඒ අනුව සති පතා සිදුකරන ගුවන් ගමන්වාර හතරක් යටතේ මෙම මෙහෙයුම් සිදු කරන බව ගුවන් සමාගම සඳහන් කරයි.

වසර දෙකක පමණ විරාමයකින් පසුව ක්වේට් එයාර්වේස් ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත සිය ගුවන් ගමන් ආරම්භ කිරිමත් විශේෂත්වයකි. 

මෙහිදී මංගල ගුවන් ගමන ලෙස ක්වේට් ගුවන් සේවයට අයත් එයාර්බස් A320neo මාදිලියේ ගුවන් යානයක් කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණීම සිදු විය. එම අවස්ථාව සැමරීම සඳහා ගුවන් යානය වෙත ජල ආචාරයක්ද ප්‍රදානය කර තිබේ. එසේම ගුවන් යානයෙන් මෙරටට පැමිණි සංචාරකයන් වෙත විශේෂිත සිලෝන් ටී තෑගි මලු‍ද ලබාදී තිබේ.



අදහස් (0)

ක්වේට ගුවන් සේවය නැවතත් ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site