භානුක අමරසිංහ
කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගම සිදු කිරීමට සැලසුම් කළ හිමිකම් නිකුතුව සඳහා කොළඹ කොටස් හුවමාරුව පසුගිය නොවැම්බර් 06 වැනිදා අනුමැතිය ලබාදුන් බව එම සමාගම පවසයි.
ඒ අනුව මෙහිදී සමාගම මගින් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් 02ක් සඳහාම අලුතින් කොටස් 09ක් නිකුත් කිරීම යෝජනා වී තිබේ. මේ හරහා නිකුත් කෙරෙන සමස්ත කොටස් සංඛ්‍යාව 323,365,158ක් වන අතර, එම කොටස් කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත කිරීමටත් සැලසුම වී තිබේ.
මෙහිදී ලබන දෙසැම්බර් 03 වැනිදා පැවැත්වෙන සමාගමේ අතිවිශේෂ මහාසභා රැස්වීමෙන් අනතුරුව අදාළ හිමිකම් නිකුතුවේ ඉල්ලුම්පත්‍ර පිළිගෙන ගෙවිම් භාරගන්න ජනවාරි 02 වැනිද දක්වා කාලය තුළ සැලසුම් කර ඇති හිමිකම් නිකුතවට අදාළ කටයුතු සම්බන්ධයෙන්ද සමාගම පසුගියදා කොළඹ කොටස් හුවමාරුව දැනුවත් කර තිබේ. මීට පෙර පසුගිය සැප්තැම්බර් මාසයේදීද එම සමාගම මෙම හිමිකම් නිකුතුව සිදු කිරීමට සැලසුම් කර තිබුණද පසුව එය අත්හැර දැමුණි.
මෙ අතර දැනට ලබන දෙසැම්බර් 11 වැනිදා දක්වා කල් දමා තිබෙන සමාගමේ කොටස් ගනුදෙනු අත්හිටුවීමේ තීරණය තවත් දිර්ඝ කරවා ගැනීමටද කටයුතු කරන බවත් කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී සමාගම පවසයි. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වෙත පසුගිය ඔක්තෝබර් 29 වැනිදා ලිපියක් මගින් දැනුම්දුන් බවත් සමාගම සඳහන් කරයි.
කලම්බු ඩොක්යාර්ඩ් හිමිකම් නිකුතුවට CSE අනුමැතිය