නිමල කොඩිතුවක්කු
කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල ආරක්ෂක සහාය සඳහා වන ව්‍යාපෘතිය වෙනුවෙන් ජපාන රජයේ ආධාර ලබාගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
දෙරට අතර පවතින දිගුකාලීන සහයෝගිතා පසුබිම අනුව කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය සඳහා ජපන් යෙන් මිලියන 463 ක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල ආරක්ෂක සහාය සඳහා වන ව්‍යාපෘතිය වෙනුවෙන් ජපන් යෙන් මිලියන 500ක් වශයෙන් ජපන් යෙන් මිලියන 963 ක (ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.94ක්) ප්‍රදානයක් ලබාදීමට ජපාන රජය එකඟතාව පළ කර ඇත.
කිරි නිෂ්පාදන අංශයේ ඵලදායිතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උපකරණ සහ තාක්ෂණික සහාය ලබාදීමට නියමිත අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල ආරක්ෂක සහාය සඳහා වන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ විමර්ශන, නිරීක්ෂණ සහ අධීක්ෂණ ක්‍රියාකාරකම් සඳහා ඩ්‍රෝන යානා සැපයීම සඳහා ආධාර ලබාදීමට ද නියමිතය.
කිරි නිෂ්පාදනයේ ඵලදායිතාව නැංවීමට ජපන් යෙන් මිලියන 963ක ප්‍රදානයක්