IMG-LOGO

2026 ඔක්තෝබර් මස 18 වන ඉරිදා


කෙරවලපිටිය - කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතියට විශේෂ ව්‍යාපෘති තත්වය


නිමල කොඩිතුවක්කු 


කෙරවලපිටිය - කොළඹ වරාය දෙවැනි භූගත කේබල් ව්‍යාපෘතිය සඳහා 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත යටතේ විශේෂ ව්‍යාපෘති තත්වය පිරිනැමීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මෙරට දිගුකාලීන විදුලි සම්ප්‍රේෂණ සංවර්ධන සැලැස්ම අනුව කෙරවලපිටියේ සිට කොළඹ වරාය දක්වා දෙවැනි කිලෝවෝල්ට් 220 ක භුගත කේබල් ව්‍යාපෘතිය ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකු අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස 2021-09-13 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරමින් තෝරා ගන්නා ලද 2 M/s Consortium of Jiangsu ETERN Co. Ltd. (China) and LS Cable & System Limited (LS Cable-Korea) සමග කොන්ත්‍රාත්තුව එවකට ලංකා විදුලිබල මණ්ඩලය විසින් පිරිනමනු ලැබ තිබේ.

ව්‍යාපෘතියේ උපක්‍රමික වැදගත්කම සැලකිල්ලට ගෙන, එකතු කළ අගය මතබදු, රේගු ආනයන බදු සහ වෙනත් අදාළ අයබදු, තීරු බදු හා අයකිරීම් ගෙවීමෙන් අවශ්‍ය නිදහස් කිරීම් ලබා ගැනීම පිණිස කෙරවලපිටියේ සිට කොළඹ වරාය දක්වා දෙවැනි කිලෝවෝල්ට 220ක භූගත කේක්බෙල් ව්‍යාපෘතිය 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ විධිවිධාන අනුව ‘විශේෂ ව්‍යාපෘතියක් ලෙස නම් කිරීමට වූ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

කෙරවලපිටිය - කොළඹ වරාය දෙවන භූගත කේබල් ව්‍යාපෘතියට විශේෂ ව්‍යාපෘති තත්වය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site