IMG-LOGO

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා


කොරියාව මෙන් දියුණු ආර්ථිකයක් ළඟා කර ගන්න ලංකාවටත් පුළුවන් - කොරියානු නියෝජ්‍ය කථානායක

ශ්‍රී ලංකාව වර්තමානයේ IMF ණය ලබාගන්නා කාලය වැනි දුෂ්කර කාලයක් කොරියාවද පසු කළ බවත්, මෙම තත්වය ඉතා ඉක්මනින් මගහරවාගෙන කොරියාව මෙන් දියුණු ආර්ථිකයක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාට හැකි වන බව තමා විශ්වාස කරන බවත් කොරියානු නියෝජ්‍ය කතානායක Lee Hack Young මහතා පවසා තිබේ. 

පසුගියදා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා හමුවූ අවස්ථාවේදී ඒ මහතා මෙම කරුණු සඳහන් කළ බව එම අමාත්‍යාංශය පවසයි. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති නියෝජ්‍ය කථානායකවරයා, කොරියාවේ සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් එරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය ඉතාමත් ප්‍රශංසනීය බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකාවට තම ස්තූතිය පිරිනමන බවත් පවසා තිබේ. 

මෙහිදී අදහස් දක්වා ඇති සුනිල් හදුන්නෙත්ති අමාත්‍යවරයා, ඉතා හොඳ පුහුණු ශ්‍රමික බලකායක් ශ්‍රී ලංකාව සතුව පවතින බවත් කොරියාවට ශ්‍රමිකයන් ගෙන්වා ගන්නවා සේම කොරියානු ආයෝජකයන්ට ලංකාවේ ආයෝජනය කිරීමෙන් එම ශ්‍රමිකයන්ගේ දායකත්වය ඉතා පහසුවෙන් ලංකාව තුළදී ලබා ගත හැකි බවත් පවසා තිබේ. 

එසේම ලාංකික ශ්‍රම දායකත්වයෙන් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ඉන්දියාව, පකිස්ථානය, බංගලිදේශය වැනි වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට ඇති හැකියාව පිළිබඳව Lee Hack Young මහතා ප්‍රමුඛ කොරියානු නියෝජිත පිරිසේ අවධානය යොමු කිරීමක්ද මෙහිදී සිදු කර තිබේ.

 



අදහස් (1)

කොරියාව මෙන් දියුණු ආර්ථිකයක් ළඟා කර ගන්න ලංකාවටත් පුළුවන් - කොරියානු නියෝජ්‍ය කථානායක

de silva Friday, 06 February 2026 02:14 PM

බිග් කුච්චන්ලා කරාවි බලාගෙන හිටපල්ලා , රියදුරු බලපත් වෙනුවට කොළ කැලි සාක්කුවේ දමාගෙන , නොම්මර තහඩු වෙනුවට කොළ කැලි වාහන වල එල්ලගෙන යන අපි කොරියාවේ දැන් තිබෙන තත්වයට එන්න තව වසර 100 වත් යාවි , ඒකාලේ වෙනකොට කොරියාව හදෙත් ජනාවාස හදල තියේවි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site