IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


ක්‍රොම් වෙබ් බ්‍රවුසරයට වෙළෙඳපොළ ඒකාධිකාරයක් බෑ

විමුක්ති එස්. රුද්‍රිගු


ගූගල් සමාගම ක්‍රොම් වෙබ් බ්‍රවුසරය අලෙවි කළ යුතු බවට නියෝගයක් නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති වුවත් මින් පසුව ක්‍රොම් වෙබ් බ්‍රවුසරයට වෙළෙඳපොළ ඒකාධිකාරය පවත්වාගෙන යා නොහැකි බව ඇමෙරිකානු දිස්ත්‍රික් අධිකරණ විනිසුරු අමිත් මෙහෙතා මහතා පසුගියද තීන්දු කළේය.

ගූගල් සමාගම ක්‍රොම් වෙබ් බ්‍රවුසරය අලෙවි කළ යුතු බවට නියෝගයක් නිකුත් කරන්න යැයි ඉල්ලමින් ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව එරට දිස්ත්‍රික් අධිකරණයේ ගොනු කර තිබූ නඩුවේ තීන්දුව විනිසුරු අමිත් මෙහෙතා පසුගියදා මෙලෙස ප්‍රකාශයට පත් කළේය. ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව සහ ගූගල් සමාගම අතර වසර ගණනක් ඇදී ගිය නීති සටන මෙලෙස පසුගියදා අවසන් විය.

නඩු තීන්දුවට අනුව ගූගල් සමාගමට තරගකාරීත්වයකින් තොරව ගිවිසුම් අත්පත් කරගත නොහැකි අතර ඉදිරියේදී ක්‍රොම් බ්‍රවුසරයේ සෙවුම් දත්ත තරගකරුවන් සමග බෙදා ගැනීමට සිදුවේ.

 



අදහස් (0)

ක්‍රොම් වෙබ් බ්‍රවුසරයට වෙළෙඳපොළ ඒකාධිකාරයක් බෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site