IMG-LOGO

2026 ජුනි මස 20 වන සෙනසුරාදා


ක්‍රෙඩිට් කාඩ් පොලියත් ඉහළට


මෙරට ක්‍රියාත්මක බලපත්‍රලාභී වාණිජ බැංකු සිය ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා වන පොලී අනුපාත ඉහළ දැමීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි. 

දැනටමත් වාණිජ බැංකු කිහිපයක් සිය ගනුදෙනුකරුවන් වෙත මේ පිළිබඳව දැනුවත් කරමින් කෙටි පණිවුඩ යැවීම් සිදු කර තිබේ. ඒ අනුව බොහෝ විට මෙම පොලී අනුපාතය දැනට පවතින සියයට 26ක ප්‍රතිශතයේ සිට සියයට 28ක් දක්වා ඉහළ යාමට ඉඩ ඇතැයි සඳහන් වෙයි. 

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් පසුගිය මැයි 25 වැනිදා ගනු ලැබූ තීරණයකට අනුව එක්දින ප්‍රතිපත්ති පොළී අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළ දැමීමට පියවර ගැනීමත් සමගින්ම වාණිජ බැංකු මෙම තීරණය ගැනීමට නියමිතව තිබේ.



අදහස් (0)

ක්‍රෙඩිට් කාඩ් පොලියත් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site