IMG-LOGO

2026 ජුනි මස 03 වන බදාදා


ක්‍රෙඩිට් කාඩ්වලට ගෙවීමට ඇති හිඟ මුදල රු.බි. 194 ක්

මාර්තුවේදී සක්‍රිය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 22,000 කින් ඉහළට


මාර්තු මාසය වන විට රට තුළ පවතින ක්‍රෙඩිට් කාඩ්පත් සතුව ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් බිලියන 194 ක් ලෙස සටහන්ව තිබේ. මෙය පෙබරවාරියේ පැවැති රුපියල් බිලියන 190 හා සැසඳීමේදී රුපියල් බිලියන 3.4 ක ඉහළ යෑමකි. එසේම 2025 දෙසැම්බර් අවසානයේ සිට මේ දක්වා එම මුදල රුපියල් බිලියන 4,4 ක් දක්වා ඉහළ නැග තිබේ.
මේ අතර 2026 වසරේ මාර්තු මාසය වනවිට මෙරට ඇති සක්‍රිය ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 2,215,853 ක් ලෙස සටහන් වන බව මහ බැංකුව පවසයි. ඒ අනුව මෙය පෙබරවාරියේදී පැවැති සක්‍රිය කාඩ්පත් 2,193,380 හා සැසඳීමේදී කාඩ්පත් 22,473 ක් අලු‍තින් නිකුත් කිරීමක් ලෙස සටහන්ව තිබේ. 
මෙහිදි මාර්තු මාසය තුළ දේශීයව පිළිගන්නා ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව පෙබරවාරියේදී පැවැති 8,780 සිට 8,601ක් දක්වා කාඩ්පත් 1,179 කින් අඩුවී තිබේ. එහෙත් ගෝලීයව පිළිගන්නා ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 2,184,600 ක සිට 2,207,252 ක් දක්වා ඉහළ නැග තිබේ.   
එසේම 2026 වසරේ ජනවාරි මාසයේ සිට මාර්තු මාසය දක්වා මුල් මාස තුන තුළ අලු‍තින් නිකුත් කෙරුණු ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව 49,667ක් ලෙස සටහන්ව තිබේ. 



අදහස් (0)

ක්‍රෙඩිට් කාඩ්වලට ගෙවීමට ඇති හිඟ මුදල රු.බි. 194 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site