IMG-LOGO

2026 අප්‍රේල් මස 01 වන බදාදා


කාර්ගිල්ස් බැංකුවේ හිමිකම් නිකුතුවට අඩු ඉල්ලු‍මක්

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන කාර්ගිල්ස් බැංකුව රුපියල් බිලියන 2.5 ක අරමුදලක් රැස් කරගැනීම සඳහා පසුගියදා සිදුකළ හිමිකම් කොටස් නිකුතුව වෙත අඩු ඉල්ලු‍මක් හිමිව ඇතැයි වාර්තා වෙයි. 
එම බැංකුව මෙම නිකුතුවට හිමිවූ ඉල්ලු‍ම්පත්‍ර සම්බන්ධයෙන් නිකුත් කළ අවසන් සටහන තුළ මෙම කරුණු සඳහන්ව තිබේ. ඒ අනුව මෙහිදී කොටස් 241,897,023 ක් සඳහා ඉල්ලු‍ම් පත්‍ර ඉදිරිපත්ව ඇති අතර, එම ඉල්ලු‍මපත්‍රවල වටිනාකම රුපියල් බිලියන 2.05 ක් (2,056,124,695.50ක්) ලෙස සටහන්ව තිබේ. 
කෙසේ වෙතත් දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් 45ක් සඳහා අලු‍තින් කොටස් 14ක් ලෙස සිදු කළ මෙම හිමිකම් නිකුතුව හරහා මිලදී ගැනීමට ඉදිරිපත් කළ කොටස් සංඛ්‍යාව 294,200,000 ක් විය. ඒ අනුව හිමිකම් කොටස් 52,302,977ක් සඳහා ඉල්ලු‍ම්පත්‍ර හිමිව නැත. එසේම එහිදී කොටසක් රුපියල් 8.50 ක් ලෙස නිකුතුව හරහා රැස් කිරීමට අපේක්ෂිත වූ මුදල රුපියල් බිලියන 2,5කි. ඒ අනුව රුපියල් මිලියන 45ක අඩුවක්ද පවතී. 
ඒ අනුව මෙම නිකුතුවේදී මිලදී නොගත් කොටස් ඕනෑම කොටස් හිමිකරුවකු වෙත අදාළ නිකුතුවේ මිල යටතේ ලබා දෙන ලෙස බැංකුවෙහි අධ්‍යක්ෂ මණ්ඩලය අනුමැතිය ලබාදී ඇතැයිද සඳහන් වෙයි.



අදහස් (0)

කාර්ගිල්ස් බැංකුවේ හිමිකම් නිකුතුවට අඩු ඉල්ලු‍මක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site