නවීනතම ගෝලීය තාක්ෂණය හඳුන්වා දීමට හා පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීමට නිරන්තරයෙන් කැපවන කොමර්ෂල් බැංකුව ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර සඳහා ම විශේෂයෙන් නිර්මාණය කර ඇති ශ්රව්ය පහසුකම් සහිත නව්ය ඩිජිටල් ගෙවීම් පිළිගැනීමේ උපාංගයක් වන ‘Soundbox’ හඳුන්වා දී ඇත
Mastercard හි සහාය ඇතිව Payable ප්රයිවට් ලිමිටඩ් සමග හවුල්කාරීත්වයෙන් ක්රියාත්මක කෙරෙන මෙම ‘Soundbox’ විසඳුම් සකස් කර ඇත්තේ තවමත් අත්පිට මුදල් ගනුදෙනු මත යැපෙන ක්ෂුද්ර හා කුඩා පරිමාණ ව්යාපාරිකයන්ට දැරිය හැකි මිල ගණන් සහිත, සරල සහ කාර්යක්ෂම ගෙවීම් ලබාගැනීමේ ක්රමවේදයක් හරහා විධිමත් ඩිජිටල් ගෙවීම් පද්ධතියට සම්බන්ධ කර ගැනීමේ අරමුණෙනි. වෙළෙඳපොළේ පවතින සියලුම ප්රධාන කාඩ්පත් ජාල හා QR ක්රමවේදවලින් ලැබෙන ගෙවීම් භාර ගැනීමට මෙම උපාංගයට හැකි වන අතර මෙය මෙරට ගෙවීම් ක්ෂේත්රයේ පරිණාමීය මාවතෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරනු ඇත.
‘Soundbox’ මගින් සම්බන්ධතා රහිත කාඩ්පත් ගෙවීම් හා QR පාදක කරගත් ගනුදෙනු යන දෙවර්ගයටම සහාය වන අතර, සෑම සාර්ථක ගෙවීමක් සඳහා ම තත්ය කාලීන ශ්රව්යමය තහවුරු කිරීමේ පණිවිඩයක් ලබා දෙයි. මෙම උපාංගය සම්පූර්ණ කරන ලද සෑම ගනුදෙනුවක්ම එලෙස නිවේදනය කරන අතර, වෙළෙඳ මහතුන්ට ඔවුන්ගේ ව්යාපාරික ක්රියාවලට බාධාවක් නොවී ක්ෂණිකව ගෙවීම් සත්යාපනය කිරීමට හැකියාව ලැබේ. QR පාදක කරගත් ගනුදෙනු මගින් ක්ෂණිකව මුදල් බැර කිරීමෙන් ද තවත් ප්රතිලාභ ලැබෙනු ඇති අතර, එමගින් කුඩා ව්යාපාරවල ද්රවශිීලතාව තවදුරටත් වැඩිදියුණු කරයි.
මෙම නව මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය. “මෙම නව සේවාවෙ හි විශේෂ ලක්ෂණය වන්නේ එහි දැරිය හැකි මිල සහ ක්ෂණික ප්රතිචාර ලබා දෙමින් කුඩා ව්යාපාර වෙළෙඳ මහතුන්ට වෙළෙඳපොළට ප්රවේශ වීමට ඇති දිගුකාලීන බාධක ඉවත් කිරීමේ හැකියාවයි. නව පරිශීලකයන් ක්ෂණිකව ඇතුළත් කර ගැනීම, තත්ය කාලීනව ගනුදෙනු පිළිබඳව දැනුවත් වීමේ හැකියාව සහ බහුවිධ ගෙවීම් ක්රමවලට සහාය දැක්වීම යන සේවා සියල්ල තනි උපාංගයක් හරහා සිදුකර ගැනීමේ හැකියාව ලබා දෙමින්, අපි මේ හරහා ඩිජිටල් වෙළෙඳපොළට වඩාත් තරගකාරී ලෙස සහභාගී වීමට අවශ්ය වන මෙවලම්වලින් ව්යාපාරිකයන් සන්නද්ධ කරන්නෙමු.”
Payable හි සම නිර්මාතෘ සහ ප්රධාන විධායක නිලධාරී යොහාන් විජේසිරිවර්ධන මහතා මෙසේ පැවසීය. “Payable හි අපි දශකයකටත් අධික කාලයක් පුරාවට ශ්රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය තුළ කිසිදු වෙළෙඳ මහතකු මග නොහැරෙන බවට සහතික කිරීමේ ඒකායන අරමුණින් කටයුතු කරමින් සිටිමු. ‘Soundbox’ හරහා එම දැක්ම යථාර්ථයක් බවට පත් කරයි. පසුගිය සතියේ ව්යාපාරයක් ආරම්භ කළ කුඩා ව්යාපාරිකයකුට වුවද, මෙරට විශාලතම සිල්ලර වෙළෙඳසලට හිමිවන ඩිජිටල් පහසුකම් සියල්ලම, තම වර්තමාන ව්යාපාරික තත්වයට සරිලන මිලකට ලබා ගැනීමේ හැකියාව තිබිය යුතුය. කොමර්ෂල් බැංකුව සහ Mastercard අතර ඇතිකරගත් මෙම හවුල්කාරීත්වයෙන් එම අරමුණ යථාර්ථයක් බවට පත් කරයි.”
Mastercard හි ශ්රී ලංකාවේ දේශීය කළමනාකාරිණී මහේෂා අමරසූරිය මහත්මිය මෙසේ පැවසුවාය. Mastercard හි අවධානය යොමු වී ඇත්තේ දියුණුවේ ඉහළටම ළඟා වීමට කුඩා ව්යාපාර බලගැන්විය හැකි ආරක්ෂිත, සරල හා සියලු පහසුකම් අන්තර්ගත වූ ගෙවීම් අත්දැකීමක් ලබා දීම කෙරෙහිය. කොමර්ෂල් බැංකුව සහ Payable සමග එක්ව Soundbox හඳුන්වා දීම, ශ්රී ලංකාව තුළ ඩිජිටල් ක්රමවේද භාවිතය පුළුල් කිරීමේ වැදගත් පියවරකි. දැරිය හැකි මිල හා නව්යෝත්පාදනය ඒකාබද්ධ කරමින් දියත් කෙරෙන මෙම විසඳුම් ක්ෂුද්ර, කුඩා හා මධ්ය පරිමාණ ව්යාපාර පද්ධතියට විශ්වාසයෙන් යුතුව ඩිජිටල් ගෙවීම් වැළඳ ගැනීමටත්, මූල්ය සේවා සඳහා සුදුසුකම් ලැබීම ශක්තිමත් කිරීමටත්, අත්පිට මුදල් භාවිතය අඩු වූ ඩිජිටල් ආර්ථිකයක් කරා දිවෙන ශ්රී ලංකාවේ ගමන ඉදිරියට ගෙන යාමට සහාය වේ.”
කොමර්ෂල් බැංකුව - Payable එකතුවෙන් කුඩා ව්යාපාරවලට ඩිජිටල් ගෙවීම් පහසුකම් සලසන ‘Soundbox’