IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


කොමර්ෂල් ක්‍රෙඩිට් රු.බි.5ක ණයකර නිකුතුව ඉවත් කර ගනී

භානුක අමරසිංහ 


කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුවේ සිදු කිරීමට සැලසුම් කළ රුපියල් බිලියන 5ක් වටිනා ණයකර නිකුතුවට අදාළ ඉල්ලු‍ම්පත්‍රය ඉවත් කරගන්නා බව පවසයි. එම සමාගම ඊයේ (25) දිනයේ දී මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබේ.
මෙම නිකුතුව අදියර 2, ලැයිස්තුගත, වර්ග කෙරුණු, සුරක්ෂිත නොවූ, උප ප්‍රධාන, පිරිමුදවාගත හැකි ඉහළ ඵලදාවක් සහිත බැඳුම්කරයක් ලෙස ණයකර කොටස් මිලියන 50ක් නිකුත් කිරීම සැලසුම විය. එහිදී එක් කොටසක් රුපියල් 100 ක් විය. කෙසේ වෙතත් පවතින වෙළෙඳපොළ අහිතකර තත්වය හේතුවෙන් මෙම නිකුතුව සිදු නොකරන බව සමාගම සඳහන් කර තිබේ.



අදහස් (0)

කොමර්ෂල් ක්‍රෙඩිට් රු.බි.5ක ණයකර නිකුතුව ඉවත් කර ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site