IMG-LOGO

2025 ජුනි මස 16 වන සඳුදා


කොමර්ෂල් ක්‍රෙඩිට් රු.බි. 1.5ක ණයක් ගනියි

භානුක අමරසිංහ


කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 1.5ක ණය මුදලක් ලබා ගත් බව පවසයි. මේ සම්බන්ධයෙන් එම සමාගම ඊයේ දිනයේදී කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ. සමාගමේ අදියර II ප්‍රාග්ධන අවශ්‍යතා ඉහළ නංවා ගැනීම වෙනුවෙන් මෙම ණය මුදල ලබා ගත් බව සමාගම පවසයි. 
මෙහිදී එම ණය මුදල සමාගමේ සබැඳි පාර්ශ්වයක් හරහා ලබා ගෙන ඇතැයිද එම සමාගම සඳහන් කරයි. මෙය සුරක්ෂිත නොවූ, උපප්‍රධාන වසර පහකින් කල් පිරෙන ණයක් ලෙස සටහන්ව ඇති අතර ඒ සඳහා වන වාර්ෂික පොලී අනුපාතය සියයට 13කි. මෙම ණය මුදල ලබා ගැනීම සම්බන්ධයෙන් මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේද අනුමැතිය හිමිව තිබේ. මෙම මුදල ඉදිරියේදී සමාගමේ ණය ලබාදීමේ කටයුතු සඳහා භාවිත කරන බවත් සමාගම වැඩිදුරටත් පවසයි.



අදහස් (0)

කොමර්ෂල් ක්‍රෙඩිට් රු.බි. 1.5ක ණයක් ගනියි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site