IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


කැමැති මුදල් නෝට්ටුවලින් මුදල් ආපසු ගැනීමේ පහසුව සෙලාන් ATM යන්ත්‍රවලින්

සෙලාන් බැංකුවේ ගනුදෙනුකරුවන්ට තම එදිනෙදා බැංකු කටයුතු වඩාත් පහසුවෙන් සහ තමන්ට කැමැති පරිදි කර ගැනීම සඳහා දීපව්‍යාප්ත ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATMs), මුදල් තැන්පත් කිරීමේ සහ ආපසු ගැනීමේ යන්ත්‍ර (CDMs) සහ චෙක්පත් තැන්පත් කිරීමේ යන්ත්‍ර (CDKs) ජාලයක් භාවිත කළ හැකි වේ. එමෙන්ම මෙම යන්ත්‍රවලින් මුදල් ලබාගැනීමේදී ඔවුන්ට තමන් කැමැති ආකාරයකට නෝට්ටු වර්ග කිහිපයකින් මුදල් ලබාගැනීමේ පහසුකම් ද සලසා දී ඇත. 
මෙම පහසුකම 2023 වසරේදී හඳුන්වා දෙන ලද අතර, මෙමගින් ගනුදෙනුකරුවන්ට ATM යන්ත්‍ර මගින් මුදල් ලබාගැනීමේදී රු. 5000, 1000, 500 සහ රු. 100 යන නෝට්ටුවල සම්මිශ්‍රණයක් ලෙස තමන්ට අවශ්‍ය මුදල ලබාගත හැකි වේ. 
පාරිභෝගිකයන්ගේ පහසුව මූලික කරගත් බැංකුකරණ විසඳුමක් වන මෙම පහසුකම මඟින්, ATM යන්ත්‍රවලින් මුදල් ලබාගැනීමේදී යන්ත්‍රය ලබාදෙන මුදල් නෝට්ටු වර්ග පමණක් පිළිගැනීමට සිදුවීමේ ගැටලු‍ව මගහැරී යයි. සෑම ගනුදෙනුකරුවකුටම තමන් කැමැති ආකාරයට මුදල් ලබාගැනීමට අවස්ථාව උදාකර දීම, බැංකු කවුන්ටරවලින් මුදල් ලබාගැනීමේ අවශ්‍යතාව අවම කිරීම සහ මුදල් මාරු කිරීමට වැය වන කාලය අවම කිරීම යනාදිය මෙහි මූලික අරමුණු වී තිබේ. ගනුදෙනුකරුවන්ට ක්ෂණික ප්‍රතිලාභයක් සලසන මෙම සේවාව, නවෝත්පාදන ඔස්සේ තම ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම අත්දැකීමක් තිළිණ කිරීම සඳහා සෙලාන් බැංකුව දරන උත්සාහයට මනා සාක්ෂියකි. 
මෙම තෝරාගැනීම සෘජුවම ATM යන්ත්‍ර හරහා ලබාදීමෙන් සෙලාන් බැංකුව ප්‍රමාදය පිළිබඳ ගැටලු‍ව සාර්ථක ලෙස විසඳීමට මෙන්ම තවත් අපහසුතා කිහිපයක්ම මගහැරවීමට සමත් වී ඇත. 



අදහස් (0)

කැමැති මුදල් නෝට්ටුවලින් මුදල් ආපසු ගැනීමේ පහසුව සෙලාන් ATM යන්ත්‍රවලින්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site