
ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා තමන් අධ්‍යාපනය ලැබු කන්තලේ අග්‍රබෝධි ජාතික පාසල් ප්‍රදර්ශන කුටියේ නව නිපැයුම් පරීක්ෂා කරද්දී.
ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව හා කන්තලේ මලිත් රාජපක්ෂ
නැගෙනහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට අයත් කන්තලේ අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන්ගේ නව නිර්මාණ, නිපැයුම් හා තාක්ෂණික ක්‍රියාකාරකම් ඇතුළත් විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනය පසුගියදා  කන්තලේ මධ්‍ය මහා විද්‍යාලීය භූමියේදී පැවැත්වුණි.
මෙම විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනය “Tha Genius Expo”  යනුවෙන් නම්කර තිබූ අතර ප්‍රදර්ශනය නැගෙනහිර ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.
පාසල් සිසුන්ගේ ප්‍රදර්ශන කුටිවලට අමතරව පොලිසිය හා නාවික හමුදා ප්‍රදර්ශන කුටිද මෙයට ඇතුළත් කර තිබුණි. කන්තලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්. එච්. එන්. දුලාන්ජලී මහත්මියගේ සංකල්පයක් මත මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබූ අතර එම අවස්ථාවට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්. ආර්. හසන්ති, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සරත් විජේරත්න යන මහත්වරුද විවෘත කිරීමේ අවස්ථාවට එක් වූහ.
කන්තලේ අධ්‍යාපන කලාපයේ Tha Genius Expo විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනයක්