IMG-LOGO

2026 අප්‍රේල් මස 20 වන සඳුදා


කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදිකිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක් ලෙස සිය ස්ථානය නැවත තහවුරු කළේය. 
සම්මාන උළෙල වෝටර්ස් එජ් හෝටලයේදී පැවති අතර එහිදී කැදැල්ල එන්ටර්ප්‍රයිසස් “ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ව්‍යවසාය නායකයා සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක ව්‍යවසාය සමාගම” යන සම්මානවලින් පිදුම් ලැබීය. මෙම ද්විත්ව පිළිගැනීම නවෝත්පාදනය, ගුණාත්මකභාවය සහ පාරිභෝගික තෘප්තිය සඳහා සමාගමේ අඛණ්ඩ කැපවීම ඉස්මතු කරයි.
නේවාසික ඉදිකිරීම් සඳහා ප්‍රසිද්ධ කැදැල්ල එන්ටර්ප්‍රයිසස් සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘති, පවුලට ගැළපෙන නිවාසල පරිසර හිතකාමී ගොඩනැගිලි සහ සේවාදායකයන්ගේ අවශ්‍යතාවලට ගැළපෙන නවීන වාස්තු විද්‍යාත්මක සංකල්ප සඳහා විශේෂඥතාවක් දක්වයි. සමාගම ISO 9001:2015 සහතිකය ලබා ඇති අතර ඉහළ ප්‍රමිති පවත්වා ගැනීම, සාධාරණ මිල, පරිසරය සුරැකීම, කල් පැවැත්ම සහ කුසලතා සහිත වෘත්තීයවේදීන් හා සේවකයන් යොදා ගැනීම කෙරෙහි ඉහළ අවධානයක් දක්වයි.



අදහස් (0)

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site