IMG-LOGO

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා


කාඩ්පත් ගනුදෙනුවලදී සියයට 2.5 සිට 3 දක්වා අමතර ගාස්තු අය කිරීමට නීතිමය ප්‍රතිපාදන නෑ


විමුක්ති එස් රුද්‍රිගු


ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් භාවිතයෙන් සිදුකරන ගනුදෙනු සඳහා ගනුදෙනුකරුවන්ගෙන් සියයට 2.5 සිට 3 දක්වා අමතර ගාස්තු අය කිරීමට සමාගම් සහ ආයතනවලට නීතිමය ප්‍රතිපාදන නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් අධ්‍යක්ෂ වසන්ත අල්විස් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

එලෙස ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් ගෙවීම් සිදු කිරීමේදී අමතර ගාස්තුවක් අයකළ හොත් කාඩ්පත අයත් බැංකුවට පැමිණිලි කිරීමට පාරිභෝගිකයන්ට හැකියාව පවතින බවත් එහිදී අයකර කර ඇති වැඩිපුර මුදල අදාළ බැංකුව පාරිභෝගිකයාගේ ගිණුමට බැර කරනු ඇති බවත් ඔහු පැවැසුවේය. කෙසේ නමුත් පැමිණිලි කරන විට අමතර ගාස්තුවක් අයකළ බවට පැහැදිලි සාක්ෂි සහිත ගනුදෙනුවේ රිසිට් පත් පාරිභෝගිකයා ඉදිරිපත් කළ යුතු බවද ඔහු ප්‍රකාශ කළේය.

ලංකාවේ වසරකට ඩිජිටල් ගනුදෙනු ලක්ෂ 16 ක් සිදුවන බවද ඔහු සඳහන් කළේය. ඉන් ලක්ෂ 8 ක් ක්‍රෙඩිට් කාඩ්පත් ගනුදෙනු බවත් ලක්ෂ 6 ක් ඩෙබිට් කාඩ්පත් ගනුදෙනු බවත් ඔහු පැවැසුවේය. ලංකාවට ඉතාමත් හොඳ ඩිජිටල් ගෙවීම් පද්ධතියක් තිබෙන බවද ඔහු පෙන්වා දුන්නේය.



අදහස් (0)

කාඩ්පත් ගනුදෙනුවලදී සියයට 2.5 සිට 3 දක්වා අමතර ගාස්තු අය කිරීමට නීතිමය ප්‍රතිපාදන නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site