භානුක අමරසිංහ
ඊයේ (03) දිනයේදී කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු අවසාන-යේදී එහි සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,214.39ක් ලෙස එම දර්ශකය එතෙක් මෙතෙක් වාර්තා කළ ඉහළම අගය වාර්තා කිරීමට සමත්විය. මෙය පෙර දිනයට සාපේක්ෂව ඒකක 234.50ක එනම් සියයට 1.38 ක ඉහළ යාමකි.
මීට පෙර පසුගිය පෙබරවාරි 18 වැනිදා සියලු කොටස් මිල දර්ශකය ඒකක 17,193.80ක් වෙත ළඟා වීමට සමත් විය. එසේම ජනවාරි 23 වැනිදා එය ඒකක 17,025.99ක් බවට පත්වෙමින්, කොළඹ කොටස් හුවමාරු ඉතිහාසයේ පළමුවරට ඒකක 17,000 ඉක්මවීමට සමත් විය.
මේ අතර ඊයේ දිනය තුළ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රීලංකා 20 දර්ශකයත් ඒකක 5,131.28ක් දක්වා, පෙර දිනයට සාපේක්ෂව ඒකක 96.36 කින් එනම් සියයට 1.91කින් ඉහළ ගියේය. දිනය තුළ කොටස් මිලියන 271.9ක් ගනුදෙනු වූ අතර, සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 7.37ක් ලෙස සටහන් විය. මේ අතර මේ දක්වා සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 6.18ක් දක්වා ඉහළ නැග තිබේ.
කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහළට