IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


කොටස් වෙළෙඳපොළ යළි විසිදහස ආසන්නයට

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඊයේ  (13) දිනය අවසානයේ මිල දර්ශකවල මිශ්‍ර හැසිරීමක් පෙන්නුම් කළේය.
ඒ අනුව සියලු‍ කොටස් මිල දර්ශකය ඒකක 2.71කින් ඉහළ ගොස් ඒකක 19,975.50ක් ලෙස සටහන් විය. S&P SL20  දර්ශකය ඒකක 10.92කින් පහළ ගොස් ඒකක 5,815.64ක් ලෙස සටහන් විය.
සමාගම් 105ක කොටස් මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 105ක කොටස් මිල ගණන් පහළ ගොස් තිබුණි. ඊයේ ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 4.46ක් ලෙසින් වාර්තා විය. එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.90ක් හා දේශීය විකුණුම් රු. බිලියන 4.40 ක් ලෙසින් සටහන් වී තිබුණි. විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 566ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 68ක් ලෙසින් දිනය තුළ සටහන්ව ඇත.



අදහස් (0)

කොටස් වෙළෙඳපොළ යළි විසිදහස ආසන්නයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site