කටුනායක ටී. කේ. ජී. කපිල
කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සේවිකාවන් 2000ක් පමණ සේවය කළ ‘නෙක්ස්ට්’ නමැති ඇඟලුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඊයේ (20) සිට හදිසියේම වසා දමා ඇත.
1978 වසරේ සිට ආරම්භ කර ඇති මෙම කර්මාන්ත ශාලාව එංගලන්තයේ ආයෝජන ව්‍යාපෘතියක් වන අතර එහි නිෂ්පාදිත ඇඟලුම් ලන්ඩන් නුවර වෙත අපනයනය කළ බව එහි සේවකයෝ පවසති.
වර්තමානයෙහි ශ්‍රී ලංකාවේ පවතින නිෂ්පාදන පිරිවැය තවදුරටත් දරා ගැනීමට නොහැකි නිසා මෙම කර්මාන්ත ශාලාව වසා දැමීමට තීරණය කළ බව පාලනාධිකාරිය සේවකයන්ට නිකුත් කර ඇති නිවේදනයක සඳහන් වේ.
කර්මාන්ත ශාලාව ඉබි යතුරු දමා වසා දමා ඇති අතර, ආරක්ෂක නිලධාරීන් පමණක් එහි රැඳී සිටින අතර කර්මාන්ත ශාලාව තුළ කිසිදු වගකිවයුතු නිලධාරියකු නොමැති බව ද එම ආරක්ෂක නිලධාරීහු පැවසූහ.
කටුනායක එංගලන්ත ඇගලුම් කම්හලක් වසා දමයි: නිෂ්පාදන වියදම දරාගන්න බෑ