IMG-LOGO

2026 පෙබරවාරි මස 04 වන බදාදා


කාගිල්ස් ලෝක ළමා දිනය උත්කර්ෂවත්ව සමරයි

කාගිල්ස් ආයතනය, ඔක්තෝබර් 1 වැනිදා විහාරමහාදේවි සතුටු උයනේදී, අති උත්කර්ෂවත් අන්දමින් ලෝක ළමා දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබූ අතර මෙම ලෝක ළමා දින උත්සවය දුවා දරුවන්ට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ද සතුට සහ උද්යෝගය පිරුණු, අමතක නොවන අත්දැකීම් සහිත දිනයක් බවට පත් කිරීමට කටයුතු කර තිබුණි.
​කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පෙර පාසල් දරුවන් විසින් ගායනයෙන් සහ නර්තනයෙන් පැමිණ සිටි සියලු දෙනාට තම දක්ෂතා එළිදැක් වූ අතර රත්මලාන බිහිරි පාසලේ සහ දෙහිවල සුනේරා පදනමේ දරුවෝ ද ඔවුන්ගේ සුවිශේෂී කුසලතා ප්‍රදර්ශනය කළහ. මෙම ප්‍රසංගවලට අමතරව, විනෝදජනක ක්‍රියාකාරකම් සහ ක්‍රීඩා මගින් දරුවන්ට තම පවුලේ සාමාජිකයන් සමග ක්‍රීඩා කිරීමට, ඉගෙනීමට සහ ගුණාත්මක කාලයක් ගත කිරීමට අවස්ථාව හිමි විය.
​කාගිල්ස් ෆුඩ් සිටි, කාගිල්ස් ඔන්ලයින්, කොත්මලේ, මැජික්, කිස්ට්, රයිඩ්, නකල්ස්, ණත්‍ක්‍ සහ ගෝල්ඩි යන සියලූම කාගිල්ස් සන්නාමවල සහභාගීත්වයෙන් පැවැත් වූ විශේෂංග සහ ක්‍රියාකරම් රැසක් ද මෙම උත්සවය තුළ දැකගත හැකි වූ අතර, කාගිල්ස් බැංකුවේ අනුග්‍රහය යටතේ මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කරමින්, මවුපියන්ට ඔවුන්ගේ දරුවන් සඳහා ඉතුරුම් ගිණුම් විවෘත කිරීමටත්, සුරක්ෂිත මූල්‍ය අනාගතයක් ඇති කර ගැනීමට සහාය දැක්වීමත් කැපී පෙනිණි.



අදහස් (0)

කාගිල්ස් ලෝක ළමා දිනය උත්කර්ෂවත්ව සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site