IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


ඔක්තෝබරයේ මුල් දින 26ට සංචාරකයෝ 137,876ක් ඇවිත්

  • වසරේ මේ දක්වා පැමිණි සංචාරකයන් 1,863,370ක් වෙයි

මේ වසරේ ඔක්තෝබර් 01 වැනිදා සිට 26 වැනිදා දක්වා කාලය තුළදී මෙරටට විදෙස් සංචාරකයන් 137,876 දෙනකු පැමිණ තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය මගින් නිකුත් කළ දත්ත වාර්තාවල සඳහන් වෙයි. ඒ අනුව වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් 26 වැනිදා දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1,863,370ක් දක්වා ඉහළ ගොස් තිබේ. 

මෙහිදී ඔක්තෝබර් මාසය තුළ සංචාරක පැමිණීම් බැලූ විට 1 වැනිදා සිට 7 වැනිදා දක්වා 38,474ක්ද, 08 වැනිදා සිට 14 වැනිදා දක්වා 32,740ක්ද, 15 වැනිදා සිට 21 වැනිදා දක්වා 37,316ක්ද සහ 22 වැනිදා සිට 26 වැනිදා දක්වා 29,346 දෙනකුද පැමිණ තිබේ. ඒ අනුව මාසය තුළ මේ දක්වා දෛනික සංචාරක පැමිණීම සංචාරකයන් 5,303ක් ලෙස සටහන්ව තිබේ.

ඔක්තෝබර් මාසයේ වැඩිම සංචාරක පැමිණීම් ඉන්දියාවෙන් වාර්තා වී ඇති අතර, එය සංචාරකයන් 41,095 කි. එසේම එක්සත් රාජධානියෙන් සංචාරකයන් 11,033 ක්ද. චීනයෙන් 9,599ක්ද පැමිණ තිබේ. රුසියාවෙන් සහ ජර්මනියෙන් පැමිණි සංචාරකයන් පිළිවෙළින් 8,507 ක් සහ 7,956 ක් වෙයි. ඔස්ට්‍රේලියාවෙන් 6,507 ක්ද, බංග්ලාදේශයෙන් 4,705ක්ද පැමිණ තිබේ. ප්‍රංශයෙන් 3,292 ක් පැමිණ තිබේ.



අදහස් (0)

ඔක්තෝබරයේ මුල් දින 26ට සංචාරකයෝ 137,876ක් ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site