IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඔක්තෝබරයේ දින 29කදී සංචාරකයෝ 153,063 ක් පැමිණිලා

වසර ආරම්භයේ සිට ඔක්තෝබර් මස 29 දක්වා මෙරටට සංචාරකයෝ 1,878,557 ක්
වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාව420,033 ක්


විමුක්ති එස් රුද්‍රිගු


පසුගිය ඔක්තෝබර් මාසයේ දින 29 කාලය තුළදී මෙරටට සංචාරකයන් 153,063 ක් මෙරටට පැමිණ ඇති බවත් ඒ අනුව මෙම වසර ආරම්භයේ සිට ඔක්තෝබර් මස 29 දක්වා මෙරටට සංචාරකයන් 1,878,557 ක් පැමිණ ඇති බවත් සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ.
එහිදී පසුගිය ඔක්තෝබර් මාසයේ මෙන්ම මෙම වසරේදීද වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර ඉන්දියාවෙන් මෙම වසරේදී සංචාරකයන් 420,033 ක් මෙරටට පැමිණ ඇති අතර පසුගිය ඔක්තෝබර් මාසයේ පමණ ඉන්දියාවෙන් සංචාරකයන් 44,741ක් මෙරටට පැමිණ ඈත.
මේ දක්වා දෙවැනි ස්ථානයට වැඩියෙන්ම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ එක්සත් රාජධනියෙන් වන අතර තෙවැනි ස්ථානයට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන්ය. එක්සත් රාජධානියෙන් සංචාරකයන් 174,021 ක් මෙරටට පැමිණ ඇති අතර රුසියාවෙන් සංචාරකයන් 132,594 ක් මෙරටට පැමිණ ඇත.
මෙම වසරේ සංචාරක ඉලක්කය වන ලක්ෂ 26 සපුරා ගැනීම සඳහා තවත් සංචාරකයන් 721443 ක් මෙරටට පැමිණිය යුතුව ඇත. මේ වසරේදී ශ්‍රී ලංකාව ඇමෙරිකානු ඩොලර් බිලියන 5 මුදලක ආදායමක් සංචාරක ක්ෂේත්‍රයෙන් උපයා ගැනීමට ඉලක්ක කර තිබේ.

 



අදහස් (0)

ඔක්තෝබරයේ දින 29කදී සංචාරකයෝ 153,063 ක් පැමිණිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site