×
Home
Home
උණුසුම් පුවත්
ප්‍රාදේශීය පුවත්
වීඩියෝ
විශේෂාංග
රටගිය ඇත්තෝ
ව්‍යාපාර
සෞඛ්‍ය
දේශපාලනය
සාහිත්‍යය
රසවින්දන
මැතිවරණ ප්‍රතිඵල
මහ මැතිවරණය 2024
ජනාධිපතිවරණය 2024
සිරිකත
තාක්ෂණය
දෙයියෝ සාක්කි
කාටූන්
කෙළිමඬල
ඉරිදා ලංකාදීප
2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා
Section
එසැණ පුවත්
වීඩියෝ
කෙළිමඬල
රසවින්දන
සිරිකත
මතුමහල
ව්‍යාපාර
දේශපාලන
ඔක්තෝබරයේදී BYD ලියාපදිංචිය සියයට 63 කින් පහළට
කතෘ මණ්ඩලය 2025 නොවැම්බර් මස 17
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
මේ දක්වා ලියාපදිංචි කර ඇති සමස්ත BYD රථ සංඛ්‍යාව 6,949ක්
භානුක අමරසිංහ
2025 වසරේ ඔක්තෝබර් මාසයේදී මෙරට තුළ සිදු කෙරුණු BYD මාදිලියේ මෝටර් රථ ලියාපදිංචිය 563ක් ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය සැප්තැම්බර් මාසයේදී ලියාපදිංචි කෙරුණු BYD රථ 1,531 හා සැසඳීමේදී සියයට 63ක පසු බැසීමක් බව මේ පිළිබඳව වාර්තාවක් ගෙන එන CAL Research ආයතනය පෙන්වා දෙයි. මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දත්ත අනුව එම ආයතනය මෙම වාර්තාව සකස් කර තිබේ.
ඒ අනුව මෝටර් රථ ආනයන සීමා ලිහිල් කෙරුණු අප්‍රේල් මාසයෙන් පසුව මාසයක් තුළ අඩුම BYD මෝටර් රථ ලියාපදිංචියක් සිදු වූ මාසය ලෙසින්ද ඔක්තෝබරය සැලකෙන බව එම ආයතනය පවසයි.
දත්ත වාර්තා අනුව අප්‍රේල් මාසයේදී රථ 516ක්, මැයි 871ක්ද, ජූනි 1254ක්ද, ජූලි 790ක්ද, අගෝස්තු 1,424ක්ද, සැප්තැම්බර් 1,531ක්ද ලෙස BYD රථ ලියාපදිංචි කෙරී තිබෙන බව මෙම වාර්තාවේ සඳහන්ව තිබේ. ඒ අනුව මෙතෙක් ලියාපදිංචි කෙරී ඇති සමස්ත BYD මෝටර් රථ සංඛ්‍යාව 6,949 කි.
ගත වූ මෙම කාලසීමාවේදී BYD මෝටර් රථ අතරින් ATTO මාදිලිය වෙත වැඩි ඉල්ලුමක් හිමිව තිබේ. එහෙත් රේගුවත් සමගින් පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් එම මෝටර් රථ මාදිලිය නිදහස් කරවා ගැනීමේ ප්‍රමාදවීම් නිසා ලියාපදිංචි කිරීම්ද අඩුවී තිබීම මෙලෙස ඔක්තෝබරයේදී BYD ලියාපදිංචිය අඩුවිමට හේතුවක් වී තිබේ.
අදහස් (0)
ඔක්තෝබරයේදී BYD ලියාපදිංචිය සියයට 63 කින් පහළට
ඔබේ අදහස් එවන්න
Reply To:
Sisira
-
cb chds hcdsh cdshcsdchdhd
Cancel
ඇතුලත් කරන්න
ව්‍යාපාරික විත්ති
Our Group Site
ඔක්තෝබරයේදී BYD ලියාපදිංචිය සියයට 63 කින් පහළට